කබර හූනා මේ සතුන් අතරින් වැඩිම මිලකට අලෙවි වන අතර දාර කටුස්සන් හා කිරි ඉබ්බන්ද වැඩි මිලකට විකිණෙන බව දැනගැනීමට තිබේ.
ගැනුම්කරුවන් ඉදිරිපත් කරන ප‍්‍රමිතියට ගැනෙන හූනකු රුපියල් ලක්ෂය දක්වා අලෙවි කළ හැකි බව තමා තැරැව්කරුවෙකු යැයි හදුන්වාගත් අයෙක් පැවසීය.
‘සතා කොලටියට සෙට් වුණොත් ලක්ෂයක් අතේ ’යි ඔහු කීය.
මීට පෙර සතුන් හා ශාක රටින් පිට කිරීමට තැත් කළ පිරිස් එසේ කර තිබුණේ ජාන පැහැර ගැනීමේ අරමුණ ඇතුවය.එහෙත් හූනන් ගෙන යන්නේ වාජිකරණ ඖෂධයක් නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍යක් වශයෙන් යොදා ගැනීමටයි කියති. අරාබි ජාතික කෝටිපතියන් අතර විශාල ඉල්ලූමක් ඇති වාජිකරණ ඖෂධයක් සෑදීම සදහා කබර හූනාගේ ශරීරයේ ඇතැම් කොටස් යොදා ගන්නා බව පැවසේ.
මේ සදහා එකතු කරන්නේ පිරිමි සතුන් පමණක් බවද කියති.
http://lankacnews.com/sinhala/news/105718/






0 comments:
Post a Comment