Pages

Wednesday, December 4, 2013

මුසලු කුඩු දැල ඉතා සවිමත්! රිමාන්ඩ් භාරයේ සිටියදීම බිස්නස් මෙහෙයවලා...

රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින හෙරොයින් ජාවාරම්කරුවකු දුරකථන මාර්ග ඔස්‌සේ මෙහෙයවන හෙරොයින් ජාවාරමක සුලමුල හෙළිකරගත් බස්‌නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ නිලධාරීහු කණ්‌ඩායමක්‌, රුපියල් ලක්‍ෂ දෙකකට අධික වටිනාකමින් යුත් හෙරොයින් සමඟ එම රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සැකකරුගේ සහායකයකු ඊයේ (03 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

එම දූෂණ මර්දන අංශයට ලැබුණු තොරතුරකට අනුව සැකකරු හෙරොයින් ග්‍රෑම් 30 ක්‌ සමඟ ග්‍රෑන්ඩ්පාස්‌, මහවත්ත, ඇන්ඩෲගේ වත්තේදී කොටුකරගෙන ඇත.

මොහුට මෙම හෙරොයින් රිමාන්ඩ් බන්ධනාගාර සැකකරුගේ මෙහෙයවීම මත මා කොළ පදිංචි අයකු විසින් රැගෙන විත් දී ඇතැයි පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ. 26 හැවිරිදි මෙම සැකකරු මුස්‌ලිම් ජාතිකයකු බවත්, මොහු මීට පෙරද හෙරොයින් ජාවාරමට අදාළව අත්අඩංගුවට ගත් අයකු බවත් හෙළිවිණැයි පොලිසිය කියයි.

බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතාගේ අධීක්‍ෂණය යටතේ බස්‌නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක චන්දන රණසිංහ මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ සැරයන්වරුන් වන ආනන්ද (30065) ෙෆොන්සේකා (10757), බණ්‌ඩාර (33936) පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන පෙරේරා (61115) බණ්‌ඩාර (86637), කාන්තා පොලිස්‌ කොස්‌තාපල් අනුෂා (8041) යන නිලධාරීහු මෙම වැටලීම සඳහා සහභාගී වූහ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
http://www.divaina.com/2013/12/04/news17.html

Person shown in the pic is not relevant to the story & copied from | https://www.google.lk/search?q=muslim+hat&espv=210&es_sm=93&source=lnms&tbm=isch&sa=X&ei=EtKeUpGFBYyXkgXktYCADw&ved=0CAkQ_AUoAQ&biw=1280&bih=898#facrc=_&imgdii=_&imgrc=BNl1Wzlkvej0DM%3A%3BdOCwVV1HmWUBlM%3Bhttp%253A%252F%252Fstatic.guim.co.uk%252Fsys-images%252FGuardian%252FPix%252Fpictures%252F2006%252F08%252F18%252Fislamic.jpg%3Bhttp%253A%252F%252Fwww.theguardian.com%252Fuk%252F2006%252Faug%252F19%252Freligion.terrorism%3B372%3B192

0 comments: