Pages

Wednesday, March 19, 2014

යුක්තිය ඉටු නොකොට චූදිතයන් නිදහස් කිරීම නිසා කළකිරුණු පකිස්ථාන දූෂිත දැරිය සිය දිවි නසා ගනියි

දූෂණ ප්‍රයත්නයකට ගොදුරු වූ පාකිස්තාන් යොවුන් දැරියක් ගොනු කළ පැමිණිල්ලක් පොලිසිය විසින් බැහැර ලනු ලැබීමෙන් අනතුරුව එම දැරිය ගිනි තබා ගනු ලැබීමෙන් දවසකට පසු ජීවිතක්‍ෂයට පත් වූවාය.

නිලධාරීන් පවසන්නේ අමීනා බිබී නම් යොවුන් දැරිය ‘මුශාෆර්ගාත්’ දිස්ත්‍රික්කයේ පොලිසියක් ඉදිරිපිට දී ගිනි තබා ගත් බවයි.

පසුගිය ජනවාරි මාසයේ දිනක තමා පාසලට යමින් සිටියදී පුද්ගලයන් කණ්ඩායමක් තමාට ලිංගික අතවර කරනු ලැබීම සම්බන්ධයෙන් ගොනුකළ පැමිණිල්ල පිළිබඳව මනා විභාගයක් නොපැවැත්වූ බවටයි අමීනා බිබී පොලිසියට චෝදනා කරන්නේ.

ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් නඩු පවරනු ලැබීම පකිස්තානයේ ඉතා විරල සිද්ධියක් යයි වාර්තාකරුවෝ පවසති.

ගර්හාවත් කතුන්ටම
බීබීසී ලෝක සේවයේ දකුණු ආසියානු අංශයේ කර්තෘ අන්බරසන් එදිරාජන් පවසන්නේ, ලිංගික අතවර සම්බන්ධයෙන් පැමිණිලි කරන කතුන් පාකිස්තාන් සමාජය තුළ නිතරම ගර්හාවට ලක් කෙරෙන අතරම ලිංගික අතවර වලට ගොදුරු වූවන්ද ඒ ගැන පැමිණිලි කිරීම සඳහා පෙරට ඒම ඉතා විරල බවයි.

අමීනා බිබී දූෂණ ප්‍රයත්නය බලවත් මහජන කෝපයකට හේතු වූ අතර විශේෂයෙන්ම එය ජනමාධ්‍ය මගින් බෙහෙවින් සාකච්ඡාවට ලක් කෙරුණ බවත් අන්බරසන් එදිරාජන් පවසයි.

අමීනා බිබීගේ පැමිණිල්ලෙන් කියවෙන්නේ, පුද්ගලයන් කීප දෙනකු ඇයට ලිංගික අතවර කළ බවයි. කල්ලියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගනු ලැබුනත් පසුව ඔහු ද ඇප මත මුදා හැර ඇති අතර,සෙසු සැකකරුවන් කිසිවකු හඳුනා ගෙන නැති බවයි පාකිස්තාන් නිලධාරීන් පවසන්නේ.

මේ අතර පොලිසිය ප්‍රධාන චූදිතයාට එරෙහි චෝදනා පසුගිය බ්‍රහස්පතින්දා බැහැර ලමින් කියා සිටියේ, ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.

අමීනා බිබී එය දැන ගත් වහාම පාකිස්තාන් පන්ජාබ් ප්‍රාන්තයේ ‘මුශාෆර්ගාත්’ දිස්ත්‍රික්කයේ පොලිසිය ඉදිරිපිටට ගොස් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළාය.

අනතුරුව ඇය සිය ඇඳුම් මත පැට්රල් වක්කර ගනිමින් ගිණි තබා ගත් බවයි වාර්තා කෙරුණේ.

මානසික ආතතියෙන්
අමීනා බිබීගේ සොහොයුරු ගුලාම් ෂබීර් රොයිටර් පුවත් සේවයට කියා සිටියේ, ලිංගික අතවරයට ගොදුරු වීමෙන් අනතුරුව තම සොහොයුරිය මානසික ආතතියකින් පෙළුන බවත්, චූදිතයන් මුදා හරිනු ලැබීමේ පුවතත් සමඟ ඇය යුක්තියක් සඳහා අධිකරණය කෙරෙහි තබා තිබුණ සියලු බලාපොරොත්තු සුං වූ තත්වයකට පත් වූ බවයි.

පසුගිය ජනවාරි මාසයේ තම සහෝදරිය පැහැර ගත් කල්ලිය ඇය දූෂණය කිරීමට තැත් දරා ඇති බවයි, ගුලාම් ෂබීර් වැඩිදුරටත් කියා සිටියේ.

එම අපරාධය පාකිස්තාන් ස්වාධීන මානව හිමිකම් කොමිසම විසින් ද හෙලා දකිනු ලැබ ඇත. මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, ලිංගික අතවරයකට ගොදුරු වෙන තවත් ජීවිතයක් ගිනි තබා ගනු ලැබීම වලක්වාලීම සහතික කර ගැනීම සඳහා ආණ්ඩුව පියවර ගනු ඇතැයි බලාපොරොත්තු තබන බවයි.

මේ අතර පකිස්තානයේ අග විනිසුරු තස්සාඩුක් හුසේන් ජිලානි මෙම සිද්ධිය සැලකිල්ලට ගනිමින් අපරාධය සිදු වූ පළාත භාර පොලිස් ප්‍රධානියා කැඳවා ඇති බව වාර්තා කෙරුණි.

අපරාධය සම්බන්ධයෙන් විභාගයක් පවත්වන මෙන් පන්ජාබයේ මහ ඇමති ශාභාෂ් ෂරීෆ් විසින්ද නියෝගයක් කරනු ලැබ ඇත.

http://www.bbc.co.uk/sinhala/world/2014/03/140315_pakistan_selfimmolation.shtml

2 comments:

Unknown said...

මුස්ලිම් අන්තවාදය රජකරන රටවල මේ වගේ සමාජ තත්වයක් තමයි තියෙන්නේ. ඒ අතින් අපේ රටේ ඔය බොරු කාන්තා අයිතියක් ගැන කටමැත දොඩවන එවුන් මොකක් කිවුවත කාන්තාවන්ට කාන්තාවන් හැටියය හිතලා යමක් කරන්න නිදහසක් පවා තියෙනවා. පකිස්ථානයේ කාන්තාවන්ට කාන්තාවන් හැටියට ස්ත්‍රී හැඟීම් දැනීම සමාජයේ පිළිබිඹු කරන්න බෑ. ඒක කුහක පිරිමි සේරම පිළිකුල් කරනවා , ඔවුන්ට අතවර කරන්නෙත් ස්ත්‍රී ලිංගිකත්වයේ ස්වභාවික ගති ලක්ෂණ මත සියලු වැරදි පටවන්න බලාගෙන. අනෙක් අතට එහෙම පකිස්ථානයේ කාන්තාවන්ට ක්‍රිකට් ගහන්න පුලුවන් පිරිමි කරන ක්‍රීඩා හා වෙනත් බොහෝ කිරියාකාරකම් කාන්තාවන්ට විවුර්තයි. නමුත් කාන්තාවන්ට ස්ත්‍රී ලිංගිකත්වය සමාජයේ නිරූපනය කරන්න තහනම්. ඒව කුහකත්වය දුරදිග ගිහිල්ල ඇතිවෙච්ච උමතු තත්වයන්.

ප්‍රතිවාදියා said...

අපේ රටේ සමාජයෙන් කාන්තාවන්ගේ ස්ත්‍රීත්වය පිළිගත්තත් කාන්තාවන්ගේ පෞරුෂත්වය කියන සාධකයට පිළිගැනීමක් ලැබෙන්නේ නෑ. ඒ අපට ලිංගිකත්වය ගැන සමබර දැක්මක් තියෙන නිසා. පකිස්ථානය ගැන මම කතා කරන්න යන්නේ නෑ. පකිස්ථානය කියන්නේ මුස්ලිම් අන්තවාදී සමාජ කුහකත්වයන් පිරුනු රටක්.