Pages

Sunday, April 20, 2014

ගෝපි සහ කොටි නායකයන් සමග කිට්‌ටු සබඳතා පැවැත්වූ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීගෙන් අද හෙටම ප්‍රශ්න කිරීමට යයි

හමුදා ප්‍රහාරවලින් ඉකුත් සති අන්තයේ මරුමුවට පත් ගෝපි නමැති කොටි නායකයා සහ තවත් කොටි සාමාජිකයන් දෙදෙනකු සමග කිට්‌ටු සම්බන්ධයක්‌ ගොඩ නැගූ බව කියනු ලබන ද්‍රවිඩ එක්‌සත් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගෙන් පොලිස්‌ ත්‍රස්‌ත විමර්ශන අංශය අද හෙට ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව වාර්තාවේ.

මරුමුවට පත් ගෝපි ළඟ තිබූ ජංගම දුරකථනයක මෙම මන්ත්‍රීවරයාගේ දුරකථනයේ අංකය සටහන්වීම මෙලෙස පොලිස්‌ පරීක්‍ෂණ ආරම්භ කිරීමට හේතුවී තිබේ.

කොටි සංවිධානයට යළිත් පණදීම සඳහා මෙම දේශපාලනඥයා සහ ගෝපි අතර රහස්‌ කුමන්ත්‍රණයක්‌ තිබී ඇතැයි පොලිසිය සැක කරයි.

නෝමන් පලිහවඩන
http://www.divaina.com/2014/04/19/news21.html

1 comments:

අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය said...

ඔයාලා දන්න ලාංකීය බ්ලොග් අඩවි අපේ බ්ලොග් දර්ශකයට ඇතුල් කරන්න. අපට ලින්ක් එක එවන්න. මෙන්න අපේ දර්ශකය
http://blogdharshakaya.blogspot.com/