Pages

Thursday, September 5, 2013

ලක්‍ෂ 27ක රත්‍රං සමග ඉන්දියානුවා කටුනායකදී දැලේ

රුපියල් ලක්‍ෂ 27 ක්‌ වටිනා රත්‍රං කැබැල්ලක්‌ ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා රැගෙන යැමට තැත් කළ ඉන්දියානු ජාතිකයකු ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් ඊයේ (04 වැනදා) පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.

අවුරුදු 40 ක්‌ වයසැති මෙම පුද්ගලයාගේ රහස්‌ ප්‍රදේශයේ උපත් පාලන කොපුවල බහා මෙම රත්‍රං කැබැල්ල රැගෙන යැමට තැත් කර ඇති බව රේගු පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

මීට අමතරව මෙම පුද්ගලයා ඔප නොදැමූ වළල්ලක්‌ හා මුදු දෙකක්‌ද පැළඳ සිටි බවත් මොහු ශ්‍රී ලංකාවේ නේවාසික වීසා සහිතව සිටි පුද්ගලයකු බවත් කී රේගු මාධ්‍ය ප්‍රකාශක හා රේගු නිවාරණ අංශයේ අධ්‍යක්‍ෂ ලෙස්‌ලි ගාමිණී මහතා සැකකරු මෙරට මැණික්‌ සාප්පුවල සේවය කරන බව රේගු නිලධාරීන්ට පවසා ඇති බවත් කියා සිටියේය.

නියෝජ්‍ය රේගු අධිකාරි නිශාන්ත ජයසිංහ මහතා විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර එම්. ඒ. අරුණ ශාන්ත, ඒ. එස්‌. හේවාවිතාරණ, සී. පී. කොට්‌ටහච්චි, එස්‌. ලොකුබාලසූරිය යන නියෝජ්‍ය රේගු අධිකාරීවරුහු මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

ප්‍රභාත් විතාන
http://www.divaina.com/2013/09/05/news01.html

0 comments: