Pages

Wednesday, September 11, 2013

ටීඑන්ඒ මැතිවරණ ප්‍රකාශනයට නඩු දමනවා - ශ්‍රී ලංකා නීතිඥ සංසදයේ කැඳවුම්කරු

උතුරු පළාත් සභාවට තරග කරන දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට එරෙහිව ශේ්‍රෂ්ඨාධිකරණයේ නඩු පවරන බව ශ්‍රී ලංකා නීතිඥ සංසදයේ කැඳවුම්කරු කපිල ගමගේ මහතා ඊයේ (9 වැනිදා) ප්‍රකාශ කළේය.

රට තුළ ඕනෑම මැතිවරණයකින් තේරීපත්වන මන්ත්‍රීවරුන් රටේ ව්‍යවස්‌ථාව ආරක්‍ෂා කරන බවට පොරොන්දු වීම අනිවාර්ය වේ. එහෙත් දෙමළ සන්ධානය එළිදක්‌වා ඇති මැතිවරණ ප්‍රකාශය මගින් ස්‌වයං පාලන අයිතියක්‌ ගැන සඳහන් කර තිබීම රටේ ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීමක්‌ බවද හෙතෙම පෙන්වා දුන්නේය.

දෙමළ සන්ධානය ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ස්‌වයං පාලන අයිතියට අමතරව උතුරු නැගෙනහිර එක්‌කිරීම ඇතුළු රටේ ව්‍යවස්‌ථාව උල්ලංඝනය කෙරෙන අවස්‌ථා කිහිපයක්‌ පෙන්වාදී ඇති බවත් හෙතෙම කීය.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව දෙමළ ජාතික සන්ධානය උතුරු පළාත් සභාව ජයග්‍රහණය කර උතුරේ ජනමතය පෙන්වා ස්‌වයං පාලනයක්‌ කරා යන ගමනට ජාත්‍යන්තරයේ සහාය ලබා ගැනීමට කටයුතු කරනු ඇතැයි ද ගමගේ මහතා කියා සිටියේය.

නීතිඥ කපිල ගමගේ මහතා මෙම අදහස්‌ පළ කළේ ජාතික සංවිධාන එකමුතුව විසින් සෙත්සිරිපාය ශ්‍රවණාගාරයේදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙම අවස්‌ථාවට දේශප්‍රේමි භික්‍ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමි, ජාතික සංවිධාන එකතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු සංවිධාන එකමුතුවේ නිලධාරීහු කිහිප දෙනෙක්‌ සහභාගි වූහ. නඩු පැවරීමේ කටයුතු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර සිදුකිරීමට කටයුතු කරමින් සිටින බව කපිල ගමගේ මහතා කීය.

චමින්ද සිල්වා
http://www.divaina.com/2013/09/10/news01.html

සබැඳි ලිපි -
[

විග්නේෂ්වරන් එල්ලුන ස්‌වයංපාලන හොල්මන! - TNA උතුරු පළාත් සභා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සංෂිප්තයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_11.html
කොළඹ ආණ්‌ඩුව උතුරෙන් පලවා හැරීමhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9566.htmlඊළාම් විස කැවූ දෙමළ සන්ධාන මැතිවරණ ප්‍රකාශනයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_10.htmlටී. එන්. ඒ. ප්‍රකාශනයට පක්ෂ බහුතරයක්‌ විරුද්ධයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9.htmlඅප ඔවුන් හමුවිය යුත්තේ නන්දිකඩාල් කලපුවේදීමද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_5902.htmlද්‍රවිඩ ජාතික සන්ධාන මැතිවරණ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ වෙනම රාජ්‍යයක්‌ ගොඩනැගීමේ අරමුණයි - අනුර කුමාර දිසානායකhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.htmlඉඩම් - පොලිස්‌ - සෞඛ්‍ය - අධ්‍යාපන සම්පත් මෙන්ම ස්‌වයං පාලනයක්‌ ටීඑන්ඒ ඉල්ලයි. "ෆෙඩරල් ක්‍රමය යටතේ උතුර සහ නැගෙනහිර ඒකාබද්ධත් කළ යුතුයි"http://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.html
]

0 comments: