Pages

Wednesday, September 11, 2013

විශේෂ තේරීම් කාරක සභාවෙන් ජාතික හෙළ උරුමය ඉවත් වෙයි

ජාතික ප්‍රශ්නයට විසඳුම් නිර්දේශ කිරීම සඳහා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නායකත්වයෙන් පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් තම පක්‍ෂය ඉවත් වුණ බව ජාතික හෙළ උරුමය ඊයේ (09 වැනිදා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

තම පක්‍ෂයට අදාළ තේරීම් කාරක සභාව පිළිබඳ විශ්වාසයක්‌ නොමැති නිසාත් එය බොරුවක්‌ බව වැටහී ගිය නිසාත් ඉන් ඉවත් වුණ බව එම පක්‍ෂය සඳහන් කරයි.

මෙය නිසි න්‍යාය පත්‍රයකට අනුව ක්‍රියානොකරමින් කල් මැරීමේ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කිරීම පිළිබඳ සිය පක්‍ෂයේ බලවත් අප්‍රසාදය පළ කරන බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් ඇමැති පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

තේරීම් කාරක සභාවෙන් අපේක්‍ෂා කළ මූලික අරමුණ වන 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සිදුවන බවක්‌ පෙනී නොයන බවත් තම පක්‍ෂය සඳහන් කළ පළාත් සභා මැතිවරණයට ප්‍රථම 13 වැනි සංශෝධනය අදාළව සිදු කළ යුතු සංශෝධන සිදු නොවන බවත් ඉතා පැහැදිලි බවත් හෙතෙම කියා සිටියේය.

එහෙයින් තව දුරටත් මෙවැනි තේරීම් කාරක සභාවක්‌ තුළ සිට කල් මැරීම තේරුමක්‌ නැති බවත් කී ඇමැති පාඨලී චම්පික රණවක මහතා මෙම පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව තුළ සිටීමේ ජාතික පව තවදුරටත් සිදු කළ නොහැකි බවත් කියා සිටියේය.

හෙතෙම ඊයේ (09 වැනිදා) එම අදහස්‌ පළ කළේ බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2013/09/10/news32.html

0 comments: