Pages

Monday, September 16, 2013

යාල් දේවි වසර 23කට පසු කිළිනොච්චි යයි

පොල් රුප්පාවෙන් තල් රුප්පාවට පැමිණි යාල්දේවී දුම්රිය මෙයට වසර 23 කට පෙර ත්‍රස්‌තවාදීන් විනාශ කිරීමෙන් අනතුරුව යළිත් පෙරේදා (14 දා) සිට කිළිනොච්චිය දක්‌වා ගමන් ඇරැඹීය. ඕමන්තේ සිට කිළිනොච්චිය දක්‌වා යළි ඉදි වූ කිලෝ මීටර් 62 ක්‌ වූ දුම්රිය මාර්ගය පෙරේදා (13 දා) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් විවෘත කිරීමත් සමග උතුරේ වැසියන්ට මෙන්ම දකුණේ වැසියන්ටද යාල්දේවි දුම්රියෙන් කිළිනොච්චිය දක්‌වා ගමන් කිරීමේ අවස්‌ථාව උදාවිය.

ඕමන්තේ දුම්රිය ස්‌ථානයෙන් යාල්දේවි දුම්රියට ගොඩ වූ ජනාධිපතිවරයා කිලිනොච්චිය දක්‌වා දුම්රියෙන් පැමිණ කිළිනොච්චිය දුම්රිය මාර්ගය ජනතා අයිතියට පත් කළේය.

කිළිනොච්චිය දුම්රිය ස්‌ථානයට දුම්රියක්‌ ළඟා වූයේ වසර 23 කට පසුය. මේ ඓතිහාසික අවස්‌ථාව දැක බලා ගැනීමට ඕමන්තේ සිට කිළිනොච්චිය දක්‌වා ජනතාව දුම්රිය මග දෙපස රෝ ක්‌වී බලා සිටියහ. දුම්රියෙන් ගමන් කළ ජනාධිපතිවරයාට ඔවුහු අත වනමින් ආචාර කළහ.

ත්‍රස්‌තවාදීන් විසින් සම්පූර්ණයෙන්ම විනාශ කර තිබූ උතුරු දුම්රිය මාර්ගය ප්‍රථමයෙන්වව්නියාවේ සිට කාන්චිකුලම දුම්රිය ස්‌ථානය දක්‌වාත් එතැන් සිට ඕමන්තේ දුම්රිය ස්‌ථානය දක්‌වාත් ඉදිකර දුම්රිය ධාවනයට ඉඩ සැලසූ අතර පෙරේදා එම දුම්රිය ඕමන්තේ සිට කිළිනොච්චිය දක්‌වා ධාවනය කෙරිණි.

පෙරවරු 9.00 ට පමණ ඕමන්තේ දුම්රිය ස්‌ථානයෙන් යාල්දේවි දුම්රියට ගොඩ වූ ජනාධිපතිවරයා පෙරවරු 9.30 ට පමණ එනම් පැය 1/2 ක්‌ වැනි සුළු කාලයකින් කිළිනොච්චියට ළඟාවිය. මේ අවස්‌ථාවේ ජනාධිපතිවරයා ඕමන්තේ සිට කිළිනොච්චිය දක්‌වා යාල්දේවී දුම්රියේ ගමන් කළ මගී පිsරිසක්‌ සමග කතා බහක යෙදීමටද අමතක නොකළේය.


1902 දී කන්කසන්තුරේ සිට චාවාකච්ෙච්රිය දක්‌වා ද, 1902 සැප්තැම්බර් 15 වැනිදා සිට පලෙයි දක්‌වාද ඉදිකෙරුණු මෙම දුම්රිය මාර්ගය 1905 වන විට පොල්ගහවෙල සිට අනුරාධපුරය දක්‌වා ඉදිවූ දුම්රිය මාර්ගයට සම්බන්ධ කෙරුණි. ඉන්පසු යාල්දේවි සිය මංගල ගමන උතුර දක්‌වා කැන්දාගෙන ආවේ 1956 අප්‍රේල් මස 23 වැනිදාය.

මෙම දුම්රියට 1988 න් පසුව වරින් වර ත්‍රස්‌තවාදී ප්‍රහාර එල්ල විය. 90 දශකයෙන් පසුව වව්නියාවෙන් ඔබ්බට දුම්රියක්‌ ධාවනය වුණේ ත්‍රස්‌තවාදී ග්‍රහණයෙන් උතුර සම්පූර්ණයෙන් මුදා ගැනීමෙන් අනතුරුවය.

ඉන්දීය රජයේ ණය ආධාර මත ඉර්කෝන් සමාගම විසින් 2011 වසරේ සිට උතුර දුම්රිය මාර්ගය යළි ඉදිකිරීම ආරම්භ කළ අතර එහි පළ වූ අදියර යටතේ ඕමන්තේ සිට කිලෝ මීටර් 90 ක්‌ පලෙයි දක්‌වා දුම්රිය මග ඉදිකෙරේ.

පෙරේදා සිට කිළිනොච්චිය දක්‌වා ගමන් ඇරැඹි යාල්දේවි දුම්රිය ලබන අප්‍රේල් සිංහල අලුත් අවුරුද්දට පෙර කන්කසන්තුරේ දක්‌වා ධාවනය කිරීමට සැලසුම් කර තිබේ.

උතුරයි දකුණයි යා කෙරුණු යාල්දේවි දුම්රිය 1985 වසරේදී ත්‍රස්‌තවාදී ප්‍රහාර එල්ල කර විනාශ කරන අවස්‌ථාවේ එම දුම්රිය ධාවනය කරවූ අද අවුරුදු 84 ක්‌ වයසැති රියෑදුරු රැෆsයල් ලියනගේ සහ දුම්රියේ ආරක්‍ෂාවට එදා එහි ගමන් කළ යුද හමුදා කපිතාන් සිසිර බණ්‌ඩාර යන මහත්වරුන්ද මෙම ගමනට එක්‌වීම විශේෂත්වයකි.

කිළිනොච්චිය දුම්රිය ස්‌ථානය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් ජනතා අයිතියට පැවරීමත් සමග එහි පැවැති උත්සවය අමතා ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා අදහස්‌ දක්‌වමින් යාපනයෙන් දුම්රියට ගොඩවන වැසියෙකුට කතරගම පුදබිම දක්‌වා දුම්රියෙන් ගමන් කිරීමේ අවස්‌ථාව වත්මන් රජය විසින් තව නොබෝ දිනකින් උදාකරන බව සඳහන් කළේය.

මෙම අවස්‌ථාවට ඇමැතිවරුන් වන ඩග්ලස්‌ දේවානන්දා, නියෝH ඇමැති රෝහණ දිසානායක, උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති එස්‌. එම්. රංජිත්, ප්‍රවාහන ඇමැති ලේකම් ධම්මික පෙරේරා යන මහත්වරුද එක්‌ වූහ.

අනුර බාලසූරිය කිළිනොච්චියේ සිට
http://www.divaina.com/2013/09/16/news02.html

සබැඳි ලිපි -
[

යාල්දේවි අද සිට කිලිනොච්චියට...http://denethharinna.blogspot.com/2013/09/blog-post_9277.htmlඋතුරු දුම්රිය මාර්ගය යාපනය කන්කසන්තුරය දක්වාhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9277.html
]

1 comments:

Anonymous said...

Lanka e news face ekath balanna