Pages

Wednesday, September 25, 2013

‘කුරාන’ 3000ක් ගිනි තැබීමේ තැතක්

අල්කයිඩා සංවිධානය විසින් එක්සත් ජනපදයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ලකල ලද ‘සැප්තැම්බර් 11 ප්‍රහාර සංවත්සරය’ නිමිත්තෙන් කුරාණයේ පිටපත් 3000 ක් පිළිස්සිමට සූදානම් වු පාස්ටර්වරයකු අත් අඩංගුවට ගෙන තිබේ.

අනවසරයෙන් ඉන්ධන රැගෙන යාම හා ගිනි අවියක් ප්‍රසිද්ධියේ රැගෙන යාම සම්බන්ධයෙන් චෝදනා මත 61 හැවිරිදි ටෙරි‍‍ ජෝන්ස් නම් ඔහු මල්බෙරි නගරයේදී අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහු පික්අප් රථයක් පදවමින් සිටි අතර ඊට සම්බන්ධකර තිබූ ට්‍රේලරයේ මස් පිලිස්සීමට යොදාගන්නා වැනි උදුනක් හා භූමිතෙල් පොඟවන ලද කුරාණ ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් තිබුණු බව පොලිස් නිලධාරින් පවසයි. ‍ඔහුගේ ට්‍රක්රථයේ පාදමේ අති‍රේක ඉන්ධන බෝතල් කීපයක්ද තිබී ඇත.

ඔහුගේ ‍අභිප්‍රාය ව තිබුණු ශුද්ධ කුරාණය ප්‍රසිද්ධියේ පිළිස්සිමයි.

2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයේ වින්දිතයන් සංඛ්‍යාවට සමාන වන අයුරින් කුරාණ පිටපත් 2998 ක් පිළිස්සීමට ඔහු සැලසුම් කර තිබුණු බව ‍ජෝන්ස්ගේ වෙබ් අඩවියේ සඳහන්ව තිබිනි.

September 13, 2013 at 9:17 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/101020/

1 comments:

Anonymous said...

SHOAK NEDA