Pages

Monday, June 2, 2014

ලෝඩ්ස්‌ පිටියට 200යි. විශේෂ ක්‍රිකට්‌ තරගයක්‌. දඟ පන්දුවෙන් ලොව හෙල්ලූ මුරලි - වෝන් එකම පිලක

ක්‍රිකට්‌ ක්‍රීඩාංගණ අතුරින් ඓතිහාසික ක්‍රීඩාංගණය යෑයි සැලකෙන ලෝඩ්ස්‌ ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයට වසර 200 ක්‌ සැපිරීම නිමිත්තෙන් විශේෂ ක්‍රිකට්‌ තරගයක්‌ පැවැත්වීමට එම ක්‍රීඩාංගණයේ හිමිකරුවන් යෑයි සැලකෙන මාර්ලිබෝන් ක්‍රිකට්‌ සමාජය පියවර ගෙන තිබේ.

මාර්ලිබෝන් ක්‍රිකට්‌ සමාජ කණ්‌ඩායම සහ ලෝක ක්‍රිකට්‌ කණ්‌ඩායම යනුවෙන් කණ්‌ඩායම් දෙකක්‌ නම් කොට පැවැත්වෙනු ලැබෙන මෙම අති සුවිශේෂී තරගය ලබන ජුනි මස 05 වැනිදා පැවැත්වෙනු ඇත.


මෙම තරගයේදී මාර්ලිබෝන් කණ්‌ඩායමේ නායකත්වය ඉන්දීය සුපිරු පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් විසින්ද, ලෝක ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නායකයා ලෙස ඔස්‌ටේ්‍රළියානු පිලේ හිටපු සුපිරි පා දග පන්දු යවන්නා වන ෂේන් වෝන් කටයුතු කරනු ඇත.

ෂේන් වෝන් නායකත්වය දරනු ලබන ලෝක ක්‍රිකට්‌ කණ්‌ඩායමට ලොව සුපිරිතම දග පන්දු යවන්නා වශයෙන් සැලකෙන ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්‌ වේ.

මාර්ලිබෝන් ක්‍රිකට්‌ සමාජයට, ලොව වැඩිම ටෙස්‌ට්‌ ලකුණු සංඛ්‍යාව හිමි බටහිර ඉන්දීය කොදෙව් පිලේ බ්‍රයන් ලාරා ඇතුළත්ව සිටින අතර, හිටපු නායකයන් වන රාහුල් ඩ්‍රාවිඩ්(ඉන්දියාව) සහ ඩැනියෙල් විටෝරි(නවසීලන්තය) එම කණ්‌ඩායමට ක්‍රීඩා කරනු ඇත.

1787 වසරේ ආරම්භ කර ඇති මාර්ලිබෝන් ක්‍රිකට්‌ සමාජය අදටත් ක්‍රිකට්‌ ක්‍රීඩාවේ නීති රීති සහ රෙගුලාසි සකස්‌ කිරීමේ කාර්යයේ නිරතව සිටින ක්‍රීඩා සමාජය වේ.

මාර්ලිබෝන් ක්‍රිකට්‌ සමාජය පිල - සචින් ටෙන්ඩුල්කාර(නායක-ඉන්දියාව), රාහුල් ඩ්‍රාවිඩ්(ඉන්දියාව), ශිවනරීන් චන්ද්‍රපෝල්(බටහිර ඉන්දීය කොදෙව්), එරන් µsන්චි(ඔස්‌ටේ්‍රලියාව) බ්‍රයන් ලාරා(බටහිර ඉන්දීය කොදෙව්), සිඩ් අඡ්මාල්(පාකිස්‌තානය), උමාර් ගුල්(පාකිස්‌තානය), බ්‍රෙට්‌ ලී(ඔස්‌ටේ්‍රලියාව), ක්‍රිස්‌ රෙඩ්(එංගලන්තය), ෂෝන් ටේට්‌(ඔස්‌ටේ්‍රලියාව), ඩැනියල් විටෝරි(නවසීලන්තය)

ලෝක ක්‍රිකට්‌ පිල - ෂේන් වෝන්(නායක-ඔස්‌ටේ්‍රලියාව), පෝල් කොලිංවුඩ්(එංගලන්තය), ඇඩම් ගිල්ක්‍රිස්‌ට්‌(ඔස්‌ටේ්‍රලියාව), තමීම් ඉක්‌බාල්(බංග්ලාදේශය), මුත්තයියා මුරලිදරන්(ශ්‍රී ලංකාව), සහිඩ් අµaරිඩි(පාකිස්‌තානය), ටිනෝ බෙස්‌ට්‌(බටහිර ඉන්දීය කොදෙව්), කෙවින් පීටර්සන්(එංගලන්තය), විරේන්ද්‍ර සෙවැග්(ඉන්දියාව), පීටර් සිඩ්ල්(ඔස්‌ටේ්‍රලියාව), යුවරාඡ් සිං(ඉන්දියාව)

http://www.divaina.com/2014/05/31/sports02.html

Pic Source

1 comments:

Unknown said...

ස්තූතියි ඔත්තුවට............

අගේට තියෙයි...