Pages

Sunday, June 1, 2014

චෛත්‍යයක්‌ වටා ඉදිවූ ලොව විශාලතම රන්වැට අද විවෘත වෙයි

ඓතිහාසික සේරුවාවිල චෛත්‍ය රාජයාගේ ආරක්‍ෂාව පිණිස විශාල වියදමක්‌ දරා ඉදිකොට ඇති රන්කණු දහසකින් සමන්විත දැවැන්ත රන්වැට මෙම මස 31 දා (අද) පස්‌වරුවේ කථානායක චමල් රාජපක්‍ෂ මහතාගෙන් සුරතින් විවෘතවීමට නියමිතය.

සේරුවිල මංගල රාජමහා විහාරාධිපති සේරුවිල සරණකිත්ති, මහමෙවුනා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඥනානන්ද යන හිමිවරුන්ගේ සංකල්පයක්‌ අනුව ඉදිකරන ලද මෙම රන්වැට සඳහා ශ්‍රද්ධා රූපවාහිනි හා ගුවන් විදුලි නාලිකාවන්හිද දායක දායිකාවන්ගේද ධන පරිත්‍යාගය ලැබී ඇත. මෙම රන්වැට දැනට දිවයිනේ චෛත්‍යයක්‌ වටා ඉදිවන ලොව විශාලතම රන්වැටද වෙයි.

31 වැනිදා පස්‌වරු 4 සිට 7 දක්‌වා මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙයි. උත්සවයට සහභාගි වන සැදැහැවතුන් සඳහා කොළඹ සිට ත්‍රිකුණාමලය දක්‌වා විශේෂ දුම්රිය සේවාවක්‌ද ක්‍රියාත්මක කොට ඇති බවද කන්තලේ සිට සේරුවිල බලා යැම සඳහා කන්තලේ ලංගම ඩිපෝව මගින් එදින පැය භාගයෙන් භාගයට ලංගම බස්‌ රථ යොදවා ඇති බවද සංවිධායකයන් ප්‍රකාශ කළහ.

මෙම අවස්‌ථාවට ජාතික උරුමයන් පිළිබඳ ඇමැති ජගත් බාලසූරිය, නාවික හමුදාපති සිවිල් ආරක්‍ෂක අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළු විශේෂ අමුත්තන් පිරිසක්‌ද සහභාගි වීමට නියමිතය. 

කන්තලේ - ඩබ්. ඇම්. වික්‍රමසිංහ, සේරුනුවර ජගත් විජේකුමාර 
http://www.divaina.com/2014/05/31/news10.html

Pic Source

0 comments: