Pages

Tuesday, October 8, 2013

අර්බුද මැද උතුරේ ඇමැති මණ්‌ඩලය දිවුරුම් දීම 11 දා

උතුරු පළාත් සභාවේ ප්‍රථම නව ඇමැති මණ්‌ඩලය ලබන 11 වැනිදා පළාත් ප්‍රධාන ඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

ඇමැතිවරුන් 4 දෙනකුගෙන් සමන්විත පළාත් ඇමැති මණ්‌ඩලයට සුදුස්‌සන් තේරීම මේ දිනවල සිදුවන බවත් පත්වන නව ඇමැති මණ්‌ඩලයේ නම් ලබන 10 වැනිදා දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ට දැනුම්දීමට  නියමිත බවත් නව පළාත් සභා මන්ත්‍රී කේ. සිවාජිලිංගම් මහතා පැවසීය.

මේ සමඟම දෙමළ සන්ධානයෙන් තේරී පත් වූ පළාත් සභා මන්ත්‍රීවරුන් ද එහිදී නව මහ ඇමැතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

ඇමැති මණ්‌ඩලයට තම පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පත්කරන ලෙස දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්‍ෂ පහක්‌ විසින් ඉල්ලා සිටීම නිසා ඇමැතිවරුන් නම් කිරීමේදී දැඩි අර්බුදයට ලක්‌ව තිබේ.

රනිල් ධර්මසේන
http://www.divaina.com/2013/10/08/news02.html

0 comments: