Pages

Thursday, October 17, 2013

රටේ ආරක්‍ෂාවට එරෙහි බලවේගවලට හිස එසවීමට හමුදාව ඉඩ දෙන්නේ නෑ - යුද හමුදාපති

උතුරු පළාත් සභාවේදී බලය ලැබුණු පිරිස්‌ තමන්ට රට බෙදීමට බලය ලැබුණු බව සිතා උද්දාමයට පත්වී කටයුතු කිරීමේදී රටේ ආරක්‍ෂාවට තර්ජනයක්‌ වන අන්දමට ක්‍රියා කළහොත් ඒ පිරිසට එරෙහිව බලය යෙදවීමට යුද හමුදාව කිසිවිටෙක පසුබට නොවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක පෙරේදා (15දා) දහවල් වවුනියාවේදී පැවැසීය.

යුද හමුදාපති ධුරයට පත්වීමෙන් පසුව ප්‍රථම වතාවට වව්නියාවට පැමිණි යුද හමුදාපති දයා රත්නායක මහතා වන්නි ආරක්‍ෂක සේනාංක මූලස්‌ථානයේදී ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් හා කනිෂ්ඨ නිලධාරීන් රැසක්‌ අමතමින් මේ බව පැවැසීය.

වන්නි ආරක්‍ෂක සේනාංක මූලස්‌ථානය වෙත පැමිණි හමුදාපතිවරයාට වන්නි ආරක්‍ෂක සේනාංක ආඥපති මේජර් ජෙනරාල් බොනිෆස්‌ පෙරේරා මහතා විසින් පිළිගනු ලැබීය. වන්නි ආරක්‍ෂක සේනාංක මූලස්‌ථානයේදී හමුදාව අමතමින් යුද හමුදාපතිවරයා මෙසේද පැවැසීය.

උතුරේ ඡන්දයේදී මෙතරම් සේවාවක්‌ සැලසූ දෙමළ ජනතාව ආණ්‌ඩුවට ඡන්දය නොදී වෙනත් අයට ඡන්දය දීම පිළිබඳව බොහෝ කථිකා තිබෙන්නට පුළුවන්. නමුත් යුද හමුදාව එය ප්‍රශ්නයක්‌ කරගත යුතු නැහැ. යුද්ධය ජයග්‍රහණය කළ සොල්දාදුවන් දේශපාලනයද ජයග්‍රහණය කොට තිබෙනවා. මේ නිසා ඔබ කළ යුත්තේ රටේ ආරක්‍ෂාවට එරෙහිව යන බලවේග සියල්ල ඉවත්කොට දැමීමට කටයුතු කිරීමයි.

එල්. ටී. ටී. ඊ. නායක ප්‍රභාකරන් ඇතුළු පිරිස විනාශ කොට දැමුවත් මේ රට තුළත් විදේශ රටවලත් එම සංවිධානය යළි ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන පිරිසක්‌ සිටිනවා. ඔබ කළයුතු වන්නේ රටේ ආරක්‍ෂාවට තර්ජනයක්‌ වන අයුරින් එම බලවේගවලට යළි හිස එසවීමට ඉඩ නොතබා කටයුතු කිරීමයි.

රට බෙදීමට උත්සාහ දරන කිසිම අයෙකුට ඒ සඳහා අවස්‌ථාවක්‌ නැහැ.

නීති විරෝධී ක්‍රියාවල නිරතවන හමුදා සෙබළුන්ට කිසිම සමාවක්‌ ලැබෙන්නේ නැහැ. රතුපස්‌වල සිද්ධියට සම්බන්ධ හමුදා පිරිස්‌ ගෙදර යෑව්වා. ළමා අපචාර සිද්ධියකට සම්බන්ධ අයටත් එම දඬුවම දුන්නා. යුද හමුදාව අපකීර්තියට පත්කරන කිසිම අයෙකු යුද හමුදාව තුළ තබා ගන්නේ නෑ.

මින් ඉදිරියට යුද හමුදාවේ අයට උසස්‌වීම් ලබාදීමේදී ඔවුන්ගේ ශරීරය ගැනත් අපි සැලකිලිමත් වෙනවා.

ලොකු බඩක්‌ හදාගෙන ලොකු ඇඟක්‌ හදාගෙන ඉන්න අයට මින් ඉදිරියට උසස්‌ වීම් ලැබෙන්නේ නෑ. විදේශ පාඨමාලා සඳහාවත් ඔවුන්ට අවස්‌ථාව ලැබෙන්නේ නෑ. එහෙම අයට සිද්ධවෙන්නෙ කවදාහරි විශ්‍රාම ලබාගෙන බඩත් අරන් ගෙදර යන්නයි.

දිනසේන රතුගමගේ
http://www.divaina.com/2013/10/17/news07.html

1 comments:

LNKN.org said...

Wigneswaran has been doing everything by-the-book upto now. He was sworn in infront of the president. (Even UNP won't have done that had they won a provincial council.. !!) There are extremists in TNA. (AND there are extremists in SLFP/UNP/JVP/BBS etc) Upto now things are going considerably well. Wigneswaran and his boss Sambandan are less extremistic. (Compared to the other less-prominent TNAs)