Pages

Saturday, October 19, 2013

යාපනයේ පදිංචියට ගිය සිංහල වැසියන්ට ටීඑන්ඒ මන්ත්‍රී තර්ජන

යාපනයේ නාවක්‌කුලි ප්‍රදේශයේ පදිංචියට ගිය සිංහල වැසියන් පිරිසකට ඉකුත් 15 දා දහවල් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පැමිණ තර්ජනය කළ බව එම සිංහල වැසියෝ ප්‍රකාශ කරති.

මෙම මන්ත්‍රීවරයා පැමිණ සිංහල වැසියන්ට යාපනයේ පදිංචිවීමට ඉඩක්‌ නොමැති බවද ඔවුන්ට අයිති මැදවච්චියෙන් එහා ප්‍රදේශය බවද පවසා යාපනයෙන් ඉවත්ව නොගිය හොත් "පසුව බලාගන්නම්" යනුවෙන් ප්‍රකාශ කොට තිබේ.

යාපනයට ගිය සිංහල වැසියන්ට එක්‌ පවුලකට පර්චස්‌ 15 බැගින් නාවක්‌කුලි ප්‍රදේශයෙන් ඉඩම් ලබාදී ඇති අතර ඒවායෙහි මිනුම් කටයුතු ද අවසන් වී තිබේ. ඇතැම් පවුල් තමන්ට ලැබුණු ඉඩම්වල නිවාස ඉදිකර ගැනීම පිණිස අත්තිවාරම්ද දමා තිබේ.

යාපනයට ගිය සිංහල වැසියන්ට තර්ජනය කළේ කිළිනොච්චියේ එස්‌. ශ්‍රීධරන් මන්ත්‍රීවරයා බවට තොරතුරු හෙළිවීමෙන් පසුව මන්ත්‍රීවරයාගෙන් තොරතුරු විමසීමේදී ඔහු කියා සිටියේ තමන් පාරේ යන අතරතුර මේ පිරිස දැක කතාබහ කළා මිස ඔවුන්ට තර්ජනය නොකළ බවයි. කෙසේ නමුත් දකුණේ සිංහල වැසියන් පිරිසකට යාපනයේදී ඉඩම් ලැබුණේ කෙසේද යන්න පිළිබඳව තමන් කරුණු සොයා බලමින් සිටින බවද ශ්‍රී ධරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

දිනසේන රතුගමගේ
http://www.divaina.com/2013/10/18/news06.html

2 comments:

LNKN.org said...

“මේවා එස්‌. ශ්‍රීධරන්ගේ මුත්තාට හෝ ලොකු අප්පොච්චිට අයත් ඉඩම් නොව ආණ්‌ඩුවේ ඉඩම් ය. සිංහලයන්ට පදිංචි වීමට අයිතිය ඇත්තේ මැදවච්චියෙන් එහා යෑයි තර්ජනය කළ ශ්‍රීධරන් “පසුව බලාගම්මු” යෑයි කියා ඇත. පස්‌සෙ බලා ගැනීම සඳහා දැන් කිසිවක්‌ ඉතිරි නැති බවත් පස්‌සෙ බලා ගැනීම සඳහා ඉතිරිව තිබූ එකම දේ වන ප්‍රභාකරන්ගේ මළමිනිය ද දැන් නැති බවත් ශ්‍රීධරන්ට මතක්‌ කර දෙමු. එමතු ද නොව ප්‍රභාකරන්ගේ අධි ආරක්‍ෂක අධි සුඛෝපභෝගී AC බංකරය ද පසුගියදා බිමට සමතලා කරන ලදි. ඒ නිසා ශ්‍රී ධරන් වැනි අයට දැන් ඉතිරිව ඇත්තේ කන්නාඩියකට පස්‌ස පැත්ත හරවා ඒ දෙස බැලීම පමණි.” -- From Divaina Editorial

Anonymous said...

well said,hats off