Pages

Saturday, October 5, 2013

අඩෙයිකලනාදන් ටෙලො නායකත්වයෙන් යයි! - ටී.එන්.ඒ. පක්ෂ අභ්‍යන්තර අර්බුදය වැඩි වන ලකුණු

ද්‍රවිඩ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා ටෙලො සංවිධානයේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. 

ඔහු තම ඉල්ලා අස්වීමේ ලිපිය තවත් දින දෙක තුනකින් පක්ෂයේ මහලේකම්වරයාට භාරදෙන බවද කියයි. 

උතුරු පළාත් සභා මැතිවරණය ජය ගැනීමෙන් පසු වන්නි දිස්ත්‍රීක්කයට අමාත්‍යධූරයක් ලබාගෙන සේවය කරන බව හෙතෙම පවසා තිබුණි. 

කෙසේ වෙතත් දැනට පවත්නා වාතාවරණය යටතේ අදාළ අමාත්‍ය ධූරය යාපනයේ එම්.කේ. සිවාජිලිංගම් මහතාට ලබාදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය යෝජනා කර ඇති බැවින් තමා ටෙලෝ සංවිධානයේ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව පවසා ඇත. 

තමාට වන්නි ජනතාවට සේවය කිරීමට හැකියාවක් නොලැබෙන බැවින් මෙම තීරණය ගත් බව මන්ත්‍රීවරයා කියයි. 

මේ අතර උතුරු පළාතේ මහඇමති ලෙස සී.වි. විග්නේෂ්වරන් මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම්දීමට ගත් තීරණය නිසා ද ද්‍රවිඩ ජාතික සන්ධානයේ පක්ෂ අභ්‍යන්තරයේ අර්බුදයක් හටගෙන තිබේ. 

විග්නේෂ්වරන් මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දිය යුතු බවට පක්ෂයේ නායක ආර්. සම්බන්ධන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තිරන් මෙන්ම විග්නේෂ්වරන්ද ඒකමතික තීරණයකට පැමිණ ඇති බවට ද්‍රවිඩ සන්ධානයේ තවත් මන්ත්‍රීවරුන් කොටසක් අප්‍රසාදය පළ කර ඇත. 

මෙවන් වාතාවරණයක් යටතේ මාවෙයි සේනාධිරාජා මහතා ද ඊයේ දිවයිනෙන් පිටත්ව ඉන්දියාවට ගොස් ඇත. 

ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ද විග්නේෂ්වරන් මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දීමට ගත් තීරණයට අප්‍රසාදය පළ කර ඇති බව වාර්තාවේ. 

උතුරු පළාත් සභා මැතිවරණයෙන් පසු මෙම වාතාවරණය යටතේ ද්‍රවිඩ ජාතික සන්ධානය අභ්‍යන්තරයේ අර්බුදයක් හටගෙන ඇත. 

http://sinhala.adaderana.lk/news.php?nid=37921

සබැඳි ලිපි -
[
ඇමැතිකම් බෙදා ගැනීමේදී ටීඑන්ඒ අර්බුදයකhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_7085.html
]

0 comments: