Pages

Tuesday, October 1, 2013

ඉඩම් ගැටළුව මුසලුවන්ට පමණද? අධික ජනගහන වර්ධනයට අන් අය පළිද? මුකො ට අවැසි නැගෙනහිර මුසලුවන් අතරේ බෙදා දෙන්නද?

නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාවට කාලයක් පුරා පවතින ඉඩම් ගැටලුවලට විසඳුම් දෙන ලෙස රජයට බල කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාලනයේ පවතින පළාත් පාලන ආයතනවල යෝජනාවක් සම්මත කර ගැනීමට එහි උත්තරීතර මණ්ඩලය පෙරේදා (29) තීරණය කර තිබේ. නැගෙනහිර මුස්ලිම් ජනතාව කාලයක් පුරා පවතින ඉඩම් ගැටලු හේතුවෙන් පීඩාවට පත්වී සිටින බවත් රජයෙන් ඒ සඳහා විසඳුම් නොදීම හේතුවෙන් මේ පිළිබඳ නැගෙනහිර පළාත් පාලන ආයතනවලට ඉදිරිපත් කිරීමට තීරණය කළ බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ‍ලේකම් හසන් අලි මහතා ප්‍රකාශ කළේය. 

නැගෙනහිර පළාතේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාලන බලයේ පවතින නගර සභා දෙකක් සහ පළාත් සභා පහක් පවතින බවත් ඒවායෙහි සභාපතිවරුන්ට මේ පිළිබඳ දැනුම් දෙමින් ඊයේ (30) ලිපි යැවූ බවත් හෙතෙම පැවැසීය. එමෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේ සංවිධාන කටයුතු පිළිබඳවද උත්තරීතර මණ්ඩලය සාකච්ඡා කර ඇත.

කමණී හෙට්ටිආරච්චි
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=18570:2013-10-01-02-54-24&catid=34:news&Itemid=62

0 comments: