Pages

Tuesday, October 15, 2013

ස්‌නායු පද්ධතිය අක්‍රීය කරමින්, සිහළ තරුණ පරපුර ගිලගන්නා, මුසලුවන් බෙදාහරින මත 'ටැබා'

ගංජා හෙවත් කංසා සහ අබින් යනු මීට දශක හතරකට පහකට පමණ ඉහත අතීතයේ මෙරට මිනිසුන් අතර ප්‍රචලිතව තිබූ ප්‍රබල මත්ද්‍රව්‍යයන් ලෙස සමාජය හඳුනාගෙන තිබුණකි. එකල ගංජා උරන්නන් දෙස සමාජය බැලුවේද "අපෝ ඌ ගංජාකාරයා" ලෙසින් වූ පිළිකුල් සහගත සිතුවිල්ලද සමගින්ය. 

නමුත් එකී සමාජ සිතුවිලි කෙසේ වුවද හෙළ වෙදකමේ ඖෂධ පැළෑටියක්‌ ලෙසින් තිබූ කංසා සාඛය ජාවාරමුන්ගේ වානිජ වගාවක්‌ බවට පත්වෙද්දී කරළියට පැමිණි ගංජා මිටිය මිලට ගත් අපේ උන් එහි තිබූ ඇට සහ නැටි ඉවත් කර පදමට අනා ටිෂූ කඩදාසියක ඔතා දල්වා දම් ඉරුවේය.

එකල අවර සමාජය තුළ මෙලෙස ඔතා ගන්නා ලද ගංජා සුරුට්‌ටුව
හැඳින්වූයේ සූස්‌තිය ලෙසිනි. අපේ උන් එකී සූස්‌තිය ගසා නාස්‌ති වෙද්දී ඇතැමුන් ඊට කීවේ හඳට යනවා කියාය. මේ හඳට යැමේ කතාව නිසාමදෝ ඇතැම්හු ඔතාගත් ගංජා සුරුට්‌ටුව රොකට්‌ එක ලෙසින්ද හැඳින්වූහ.

මෙසේ ගංජා මිටියක්‌ ගෙන රොකට්‌ටුව තනා එය දල්වාගෙන හඳට ගිය උන් අන්තිමේ ජීවිතේ සුළං රැල්ලක්‌ සේ පා කරන්නට නිරර්ථක වෙහෙසක්‌ දැරීය. එහෙත් එසේ ජීවිතය පා කරන්නට උත්සාහ දැරුවද එවන් එකකු ඇවිද යන විට නිකමට හෝ නොන්ඩි ගැසුවොත් ගමේ මිනිසුන් කීවේ "අන්න අරූට ගංජා ගැටත් ඇවිල්ලා" කියාය.

එසේ කීවේ ගංජා පානය කරන්නවුන්ගේ යටි පතුල්වල කලක්‌ යද්දී වේදනාකාරී ගැටිති මතුවන බවට වූ සත්‍ය කතාවක්‌ එකල සමාජගතව තිබූ බැවිනි. මේ අන්දමේ මොන මොන කතා කියෑවුණද කලක්‌ යද්දී ඇතැමුන් හඳට යන්නට රොකට්‌ තැනූ ගංජා මිටියද අභාවයට ගියේය. 

ඒ තණමල්විල "මල" ඉස්‌මතු වීමත් සමගිනි. මල උඩ ඒමත් සමග මිටිය යට යැමේදී රොකට්‌ටුවක්‌ සේ දිගට එතුනු ගංජා සුරුට්‌ටුවද අතුරුදන් වූවේය. එසේ වූයේ කංසා කොළයට වඩා මලේ ඇති සැර වැඩි ගතිය නිසා ජාවාරමේ යෙදුණ වුන් මිටියෙන් ඉවත් වී මල් අලෙවි කිරීමේදී ගංජා ලෝලීන්ට කෙලින්ම පානය කළ හැකි වන පරිදි ඒවා සිගරට්‌ටුවක හෝ බීඩියක ආකාරයෙක්‌ සකස්‌ කර අලෙවි කරන්නට පටන්ගත් බැවිනි.

මෙසේ සිගරට්‌ සහ බීඩි ආකාරයෙන් කරළියට පැමිණි තණමල්විල මල් පසුකලෙක මෙරට ගංජා ලෝලීන් අතර ප්‍රචලිත වූයේ "පැට්‌ටා" සහ "නයිකට්‌"එක යන නම්වලිනි. නපුරු මත්ද්‍රව්‍යයක්‌ ලෙස අපේ මිනිසුන් හඳුනාගෙන සිටි ගංජා සුරුට්‌ටුව අප දන්නා මෑත ඉතිහාසය තුළ විවිධ වෙනස්‌කම් සමගින් සමාජයේ ව්‍යාප්ත වූයේ මේ එසේය.

එහෙත් ගංජාවල ව්‍යාප්තිය එසේ සිදු වුවද මත් ද්‍රව්‍ය යනු ගංජා මෙන් නොව අතිශය ව්‍යසනකාරී දෙයක්‌ බව අපේ මිනිසුන් හඳුනා ගත්තේ හෙරොයින් හෙවත් මත්කුඩු මේ බිමට ළඟා වීමත් සමගිනි. අසූව දශකයේ ආරම්භයේ සිට මෙරට ව්‍යාප්ත වූ හෙරොයින් මත්කුඩු හේතුවෙන් රටට සිදුවූ විනාශය කිසිවෙකුටත් අමුතුවෙන් පහදා දිය යුත්තක්‌ද නොවේ. ඒ එකී විනාශයේ තරම දැනුදු මේ පිංබිමේ සරන ඇවිදින සැකිළි බඳු කුඩු ලෝලීන් දෙස හා සිරගෙවල් දෙස මෙන්ම පුනරුත්ථාපන කඳවුරුවලට නෙත් යොමුකර බැලීමේදී පෙනී යන බැවිනි. මෙහිදී මත් කුඩු මාරයාට පොකුරු පිටින් බිලි වූයෝ අපේ තරුණ තරුණියෝය. එසේ වැනසී ගියේ රටේ අනාගතය ය. එහෙත් ඉන් රට ගලවා ගැනීමට එදා සිට අද දක්‌වාම රට කරවූ බලධාරිහු අපොහොසත් වූහ. 

එම නොහැකියාව හමුවේ දිනෙන් දින හිස එසැවූවෝ මත්කුඩු ජාවාරමේ යෙදෙන ජාවාරම්කාර පාතාලයෝය. මෙලෙස නැගී සිටින්නට ඉඩක්‌ ලැබීම තුළ එකී පාතාල ජාවාරම්කරුවන් මත් කුඩුවලට පමණක්‌ සීමා වී කරබා ගත්තේද? නැත. එකී නරුමයෝ ලද ඉඩෙන් රිංගා යමින් කුඩුවලින් නොනැවතී තවත් විෂ ගෙන මේ රටත් ජාතියත් වනසන්නට වූහ. එකී වැනසීමේ අලුත්ම කතාව දැන් කියවෙමින් තිබෙන්නේ කුඩුවලටත් එහා ගිය මාරයකු පිළිබඳ අනාවරණය කෙරෙමිනි.

ඒ අන්කිසිවක්‌ නොව, නාගරිකකරණයට මුවාවූ "ඉන්ටර්නැෂනල්" මානසිකත්වයක්‌ සමග විච්චූර්ණ රියෑලිටි මායාවන් තුළ සිරවී දෙපයින් ඇවිදීම පසෙක දමා තටු නොමැතිව ඉගිලෙන්නට හදන අපේ නංගිලා මල්ලිලා ඉලක්‌ක කර ඉහත කී නරුමයන් මේ රටට පොම්ප කරමින් සිටින මත් පෙති හෙවත් "ටැබා" මාරයාය. හෙරොයින් වසංගතය මෙරටට ළඟා වී කලක්‌ ගතවීමේදීද අපේ සමාජය තුළ "ටැබා" කතාවක්‌ කියෑවෙමින් තිබිණි. ඒ කුඩු හිඟ වූ කල්හි ඊට ඇබ්බැහි වූ කුඩ්ඩන් "සික්‌" එක උහුලාගත නොහැකිව මානසික රෝගීන්ට දෙන පිස්‌සු පෙති බී අතපය කපාගෙන පිස්‌සු කෙළින්නට වීම නිසාය. 

කුඩ්ඩෙකු එසේ කළ විට එකල එයට කීවේද "ටැබා" ගහලා කියාය. එහෙත් ඒ "ටැබා" සහ අද ජාවාරමුන් තරුණ සමාජය අතරේ බෙදාහරින "ටැබා" එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස්‌ය. ශරීරගත වූ කල එය ක්‍රියාත්මක වන ආකාරයේද ඇත්තේ පැහැදිලි වෙනසකි.

මේ "ටැබා" පිළිබඳ කතා කිරීමේදී මීට කලකට ඉහත එක්‌තරා දේශපාලනඥයකුට දාව උපන් කරුමක්‌කාර පුත්‍රයකු රාත්‍රි සමාජ ශාලා ඉලක්‌ක කර සිදු කරන මත්පෙති ජාවාරමක්‌ ගැන ඉහළින්ම කියෑවෙමින් තිබිණි. මෙහිදී එකී දේශපාලක පුත්‍රයාගේ ජාවාරම් ඉලක්‌කය වී තිබුණේ රටේ ඉහළම සමාජයේ තරුණ තරුණියන් ගැවසෙන සුපිරි සමාජ ශාලා විය. එම ජාවාරමේදී දේශපාලක පුත්‍රයා අලෙවි කළේ "එක්‌ස්‌ටසි" නමින් වූ මත් පෙත්තක්‌ බව ඒ පිළිබඳ විමර්ශන සිදු කළ පොලිසිය අනාවරණය කරගෙන තිබිණි. එහෙත් මෙම ජාවාරමේ සියලු දේ ඉහළම සමාජයට සීමා වී තිබීම හමුවේ එය පහළ සමා ජස්‌ථරයට දැනුනේ බොහෝ අවම ලෙසිනිs. නමුත් ඉහළ සමාජ ස්‌ථරය වෙලාගෙන එදා එතැන තිබූ "ටැබා" ජාවාරම මේ වන විට තිබෙන්නේ කොතැනකද? රටට වගකිව යුතු මහත්වරුනි, එය මේ මොහොත වන විට ඉහළින් පහළට බැස මීගමුවේ සිට හික්‌කඩුව දක්‌වා වූ මුහුදු තීරයත්, මේ බුද්ධ භූමිය තුළ තුන්වන සිල්පදය අමු අමුවේම බිඳ දමන්නට "මස්‌" අලෙවි කරමින් හතු පිපෙන්නාක්‌ මෙන් බිහිවී ඇති බජට්‌ ක්‍රමයේ නයිට්‌ ක්‌ලබ් තුළත් ව්‍යාප්ත වී රටේ අනාගතය බිලි ගනිමින් සිටින වග ඔබ දන්නේද?

අපේ වගකිවයුතු මහත්වරුන් මේ කිසිත් නොදන්නවා විය නොහැකිය. එහෙත් මොන දේ දැන සිටියද ඒ සියලු දෙනා සිටිනුයේ හොරට නිදාගෙන බව අප දන්නේය. එහෙයින් හොරට නිදන අපේ ලොක්‌කන්ගේ ඇහැට ඇඟිල්ලෙන්ම ඇන ඇහැරවීමේ අරමුණ සමග මේ විනාශය සියෑසින් දැක රටට කියන්නට ගෙවී ගිය සති අන්තයක රාත්‍රියේ මම කොළඹ ගල්කිස්‌ස ප්‍රදේශයේ සුප්‍රකට "බීච්" පාටියකට රිංගුවෙමි.

රිංගුවේ යෑයි කීවේ ආවාට ගියාට මෙහි එන්නට කිසිවකුටත් අවසර නොමැති බැවිනි. තැනට හුරු පුරුදු මිතුරෙකු සමග එහි ගියද ඊට ඇතුළු වීම සඳහා ඉදිරියේ සිටි ආරක්‍ෂකයන් හමුවේ වංගු (රැවටීම්) ගණනාවක්‌ දැමීමට අපට සිදුවූහ. මේ ගමන සඳහා රටේ මහජන ආරක්‍ෂාවට සම්බන්ධ එක්‌තරා නිලධාරියකුද සහභාගි විය. එහෙත් අප දැමූ වංගු හමුවේ නන්නත්තාර වූ එහි සිටි ආරක්‍ෂක නිලධාරින් "එන්ඩ සර් යන්න කීවා" මිස එවැන්නෙක්‌ තමන්ගේ සීමාවට ඇතුළු වූ බව අදටත් නොදන්නවා විය යුතුය.

මෙහිදී අප ගල්කිස්‌සේ බීච් පාටියම තෝරා ගැනීමට හේතු වූයේ මේ වන විට දකුණු මුහුදු තීරයේ හික්‌කඩුව දක්‌වාම මත් පෙති හෙවත් "ටැබා" බෙදාහරින්නේ එම ස්‌ථානයේ සිට බවට තොරතුරු ලැබී තිබීම නිසාය. 

ඉතින් අප ඊට ඇතුළු වීමු. අඩ අඳුරේ වූ ඒ වෙරළ බිමේ සැඟවිය යුතු බොහෝ තැන් එළියට දමාගෙන දණහිසටත් උඩින් ගිය සාය කෑල්ලකින් සහ උඩුකය ඇඳුමකින් සැරසී සිටින ජාතියේ අනාගත මව්වරුන් රාශියකි. 

නෙත් අඳුන් ගල්වා ස්‌වභාවික රූපයට දිය හැකි සියලුම කෘතිම සැප උපරිමයෙන් දී නෙක ලෙසින් සැරසී සිටින ඔවුන් තුළින් දිස්‌වන රූපය එහි සිටින උන්ට අඟවන්නේ "පලයන් ගිහින් බදා ගනින්" වැනි අරුතකි. වැරදිලාවත් වසවත් මරු මුන් දුටුවේ නම් තන්හා, රති, රඟා පන්නා දමා මෙයින් තිදෙනකු උස්‌සාගෙන ගොස්‌ ඒ තැන්හි තබන බව නිසැකය. මේ අතරේ ඇතැම් තරුණියන් තමන් සමග පැමිණි හෝ මගදී හමුවූ තරුණයකුට තුරුළු වී තාවකාලික යෑයි හැඟෙන ප්‍රේමයක වෙලී සිටී. තරුණියන් සේම වෙරළේ තැන තැන තරුණයෝද රංචු පිටිනි. ඒ ඇතැම්හු හිර ඩෙනිම සමග ඇඟ මස්‌ නැතත් "කට්‌" පෙන්වීමටදො කිටි කිටි කමීස සහ ටී ෂර්ට්‌වලින් සැරසී සිටිති. තවමත් මේ "බීච් පාටියේ" මා දකින්නට පැමිණි කිසිත් පෙනෙන්නට නොවේ. මම මිතුරා විමසුවෙමි.

"සද්ද නැතුව බලාගෙන ඉඳපන්.. තව ටිකකින් වෙනදේ හොඳට බලා ගනින්.. හේ මට කියයි. ඉතින් මම බලා සිටියෙමි. තවත් අඩ හෝරාවක්‌ පමණ ගෙවී ගියේය. ඒ අතරේ මෙම තරුණ තරුණියන් සිටින බිමේම තැන් දෙකක පමණ අමුතු යමක්‌ සිදුවන්නට විය.

අපි විමසිලිමත් වීමු. තරුණයෝ පොකුරු පිටින් එකී තැනට යති. මුදල් පසුම්බි එළියට ගෙන මොණර කොළවලින් ගෙවා යමක්‌ මිලදී ගනිති. "ඔන්න බිස්‌නස්‌ එක පටන් ගත්ත.. තව ටිකකින් බලපන් මුන් හැසිරෙන විදිහ.." මිතුරා මට කියා සිටී. 

මම හොඳින් බැලුවෙමි. ඒ වෙළෙන්දො මුස්‌ලිම්වරුන්ය. ඔවුහු තිදෙනෙක්‌ මේ තරුණ පිරිස අතරේ අප සොයා ආ අමන වෙළෙඳාම සිදු කරති. "බීච් පාටියේ" සංගීතය කන් බීරි වන තරමට වැඩි වී තිබේ. ඒ සියල්ල අතරේ එහි සිටි තරුණ තරුණියෝ ටිකින් ටික කුලප්පු වෙමින් සිටිති. ඔබ දන්නේද? ඒ කුලප්පු වීම කොතෙක්‌ද යත් තවත් අඩ පැයකදී පමණ ඔවුහු සියල්ලෝ වේග රිද්මයෙන් නැගෙන සංගීතයට අනුව ලවක්‌ දෙවක්‌ නොමැතිව නටන්නට වූහ. ඇතැම් අය උඩ පැන පැන නටන අතරේ ජෝඩු ලෙසින් එක්‌වී බදාගෙන නටන නැටුම් බොහෝ විය. මේ සැමකෙකුම අත අයිස්‌ වතුර බෝතලයකි. ලැබෙන විරාමයකදී සෙලවි සෙලවීම අයිස්‌ වතුර උගුරක්‌ බොන ඔවුහු යළි යළිත් නටති. මොහොතකදු නොනැවතීම නටති. උන් කොතෙක්‌ විකෘති වීද යත් ඇතමෙකු වේගයෙන් හඬ දෙන බෆල් එකකට කන තබා සංගීතයට සවන් දෙන අතරේ නටමින් සිටී. මේ අතරේ මගේ මිතුරා "ටැබා" එකකින් සන්තර්පණය වී සිටි හිතවත් තරුණයකු මා වෙත කැඳවාගෙන පැමිණියේ මේ විනාශය පිළිබඳ මට සජීවී තොරතුරු ටිකක්‌ දැන ගැනීමට ඉඩ විවර කරමිනි. කොහොමද මල්ලි? මම ඔහු විමසීමි... "මුකුත් නැහැ අයියේ ෆුල් ෆන්. කියල වැඩක්‌ නැහැ. ගැහුව වෙලේ ඉඳන් නිකම්ම නැටවෙනවා. උගුරකට වේලෙනවා. තිබහ එනවා. ඉතින් වතුර බෝතලේ අතේ තියන් නටනවා. එකක්‌ රුපියල් 4500 යි. සල්ලි නැත්තන් දෙන්නෙක්‌ එකතුවෙලා එකක්‌ අරගෙන භාගෙ භාගෙ ගහනවා. ෆුල් එකක්‌ ගැහුවොත් කික්‌ එක පැය 24 යි. භාගයක්‌ ගැහුවොත් පැය 18 විතර අල්ලල ඉන්න පුළුවන්.

"මල්ලි දැන් රෑ වෙලානේ. ඔයාලට බඩගිනි නැද්ද? "කෑම මොකටද අයියේ. කන්න ඕනේ නැහැ. පෙත්ත ගැහුව වෙලේ ඉඳන් මැෂින් එක වතුරම තමා ඉල්ලන්නේ..." 


"ඔය පෙත්ත ගත්තම නටන්න විතරද පුළුවන්? "අයියට පිස්‌සුද? මුන් දැන් යක්‌කු වගේ නැටුවට තව ටිකකින් පොඩ්ඩක්‌ නෝමල් වෙනවා. එතකොට හොයන්නේ ලව් එක. ඊට පස්‌සේ "සෙක්‌ස්‌" හොයනවා. මෙතන ගෑනු පිරිමි බේදයක්‌ නැහැනේ. ඉතින් ලව් එක ඕන වුණහම අහුවෙන කෙල්ලෙක්‌ට ලව් කරලා දෙන්නා බදාගෙන නටලා අන්තිම වැඩෙත් කරගෙන යන්න යනවා... 


මෙතන ඉන්න කෙල්ලන්ටත් ඕකේ ගාණක්‌ නැහැ. පුළුවන් එවුන් මේකෙම කාමරයක්‌ අරගෙන ලගිනවා. නැත්තන් ඉතින් වෙන කොහේට හරි යනවා... 


"ඔය පෙත්තේ සැර ඇඟෙන් ගියහම ආයෙත් බොන්න ඕනේ නැද්ද? "අයියා ඔය අහන්නේ සික්‌ එක හැදෙන්නේ නැද්ද කියලානේ. හැදෙනවා. බඩු බැහැගෙන යනකොට දැනෙන්නේ මැරෙන්න යනවා වගේ. ඒත් කොල්ලෝ නම් හුඟක්‌ වෙලාවට ඒක කාගෙන ඉන්නවා. හැබැයි කෙල්ලන්ට එහෙම බැහැ. උන් ළාමකයිනේ... "ඉතින් බඩු බැස්‌ස ගමන් උන් ආපහු තව පෙත්තකට වියදම් කරනවා. සල්ලි නැති එකෙක්‌ උනොත් දෙන්නෙක්‌ එක්‌ක බුදිය ගන්න පොරොන්දු වෙලා හරි ගාණ හොයා ගන්නවා. ඒ වගේම තමයි පෙත්ත ගත්තට පස්‌සේ පොරොන්දු වෙච්ච විදිහට බුදිය ගන්න එකත් කරනවා. 


මේ මා සිටින්නේ සමාජයේ ඉහළම පැළැන්තිය ගැවසෙන ඉසව්වක නොවන්නේය. ඉහළ සමාජයේ උන් මෙහි නැත්තේම නොවේ. ඒත් බහුතරය සිටින්නේ මැද පන්තියට අයත් අපේ අනාගත පරපුර වේ. 

ඉතින් අපේ "ටැබා" මිතුරා කී කතා අනුව සිදු වෙමින් තිබෙන සමාජ ව්‍යසනයේ තරම ඔබට වැටහේද? බලධරයනි, මේ කියෑවෙන්නේ කික්‌ එක, ලව් එක, සෙක්‌ස්‌ එක සමග අවසානයේ සික්‌ එක හැදී අපේ උන් "ටැබා" මාරයාට ගොදුරු වී වැනසෙන බව නොවේද?

මෙහිදී ඊනියා ෆන් එක දෙන ජාවාරමුන්ගේ මත් පෙත්ත හැඳින්වීමට අපේ උන් කියන නම්ද රාශියකි. එකෙකු ඊට කියන්නේ "සුපර් මෑන් කියා"ය තවෙකෙකු "තරුව" යෑයි කියද්දී ඇතැම්හු "එක්‌ස්‌ ට්‍රයි" කියාද ටැබා එක හඳුන්වති. මේ කුමන ආකරයෙන් හැඳින්වුවද මෙහිදී අලෙවි වන්නේද කලකට ඉහත සිට පෙරකී දේශපාලන තාත්තාගේ අවලං පුතා සුපිරි සමාජ ශාලා තුළ අලෙවි කළ "එක්‌ස්‌ටසි" නමැති අධි ක්‍රියාකාරී මත් පෙත්තම බව මේ වන විට හඳුනාගෙන තිබේ.

මෙකී "බීච් පාටි" හැරුණු කොට "ටැබා" පාවිච්චි කිරීම සඳහා අපේ කොල්ලන් කෙල්ලන් දැන් තවත් අලුත්ම ක්‍රමවේදයක්‌ද ක්‍රියාත්මක කරන්නේය. ඒ "එපාර්ට්‌මන්ට්‌" නමින් කොළඹ නගරයේ ඉදිවී ඇති සැප කුටියක්‌ දින කිහිපයකට කුලියට ගෙන තරුණ තරුණියෝ හත්අට දෙනකු එකතු වී ජීවිතය ෆන් කරමින් එහි සිට "ටැබා" ගැසීමය. එහිදී උන් අතරේ සිදුවන වනචර දේ පුවත්පතක සටහන් කරන්නටද නොහැකි තරම්ය. 

එදා සුපිරි සමාජයට සිමා වී තිබූ මෙකී මාරාන්තික "ටැබා" එක අද වන විට සමාජයේ පහල ස්‌ථර වෙතට ඇදී යැම සම්බන්ධයෙන්ද මේ වන විට කියෑවෙමින් තිබෙන්නේ අපූරු කතාවකි.

මෙකී ටැබා හෙවත් "සුපර් මෑන්" අපේ සමාජයේ සාමාන්‍ය පන්තියේ කොල්ලන් කෙල්ලන් අතරට ගෙන යැම පසුපස සිටිනුයේ මෙරට ක්‍රියාත්මක මුස්‌ලිම් පාතාලයේ ක්‍රියාකාරී කණ්‌ඩායම් බව මෙරට බුද්ධි අංශ මගින් සිදු කළ විමර්ශන මගින් දැන් අනාවරණය වී තිබේ. එය සිදු වෙමින් තිබෙන්නේ මීගමුව ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමිනි. ගුවන් මගින් හෝ බෝට්‌ටු මගින් මීගමුවට ළඟා වන "ටැබා" එතැන් සිට සූක්‍ෂම ලෙස මුහුදු තීරය හා රාත්‍රි සමාජ ශාලා ඉලක්‌ක කර බෙදා හරිනු ලැබේ. මීගමුව නගරයේ ප්‍රකට මුස්‌ලිම් දේශපාලනඥයකු මේ පිටුපස සෘජුවම සිටින බවද බුද්ධි අංශ විමර්ශනයේදී අනාවරණය වී ඇත. ඒ අනුව වර්තමානයේ මෙරට තුළ ව්‍යාප්ත වෙමින් තිබෙන සාම්ප්‍රදායික නොවන මුස්‌ලිම් අන්තවාදී කුමන්ත්‍රණ දෙස බැලීමේදී මෙකී "ටැබා" එක තුළින් අපේ තරුණ පරපුර වන්ද්‍යකරණයට ගොදුරු කිරීමේ සූක්‍ෂම ක්‍රියාදාමයක්‌ සිදු වෙමින් තිබෙන බවද කියෑවේ. 

කෙසේ වෙතත් මේ සියල්ල සමග යම් අයෙකු "ටැබා" භාවිතයේදී ශාරීරික වශයෙන් සිදුවන දේ පිළිබඳවද අපි පිළිගත හැකි අංශයකින් විමසා සිටියෙමු. ඒ අන්තරායකර ඖෂධ පාලක මණ්‌ඩලයෙනි. එහිදී විද්‍යාත්මක නිරීක්‍ෂණවල යෙදෙන එහි ප්‍රකාශිකාවක සඳහන් කර සිටියේ මෙවැන්නකි. "ඔව්. මේ මත්ද්‍රව්‍ය භාවිතයේදී සිදුවන්නේ අදාළ පුද්ගලයාගේ මධ්‍ය ස්‌නායු පද්ධතිය අධි ක්‍රියාකාරිත්වයකට පත්වීම. මත් කුඩු ලෝලීන් හෙරොයින් හිඟ වූ අවස්‌ථාවල ලබා ගත් මානසික රෝගීන්ට දෙන ඖෂධවලින් සිදු වුණේ මධ්‍ය ස්‌නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය අඩපණ කිරීම. නමුත් මේ කියන "එක්‌ස්‌ටසි" වැනි මත්ද්‍රව්‍ය තුළින් සිදුවන්නේ ඒකේ අනිත් පැත්ත"

එකේ අවසාන ප්‍රතිඵලය තමයි යම් කාලසීමාවක්‌ තුළ මෙවන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ ස්‌නායු පද්ධතිය අක්‍රීය වීම. එය මරණයටත් වඩා වේදනාකාරි අත්දැකීමක්‌. පැහැදිලිවම කිවහොත් මේ ජීවිතයේදීම අපාගත වීමක්‌...

ඉදින් අද පවතින මත් පෙත්ත හෙවත් "ටැබා ඉදිරියේ අපේ තරුණ පරපුරේ ඉරණම එවන් අපාගත වීමක්‌ වෙතට ඇදී යමින් තිබේ නම් හෙට දිනයේ ඉහත කී නරුම පාතාලයන් මේ "ටැබා"වලින් ඔබ්බට ගොස්‌ අපේ උන් වෙතට ගෙනෙන විෂ කෙසේ විය හැකිද? බලධරයනි ඊට දෙන්නට පිළිතුරක්‌ ඔබ සතුව තිබේද?

සමන් ගමගේ
http://www.divaina.com/2013/10/13/feature15.html

සබැඳි ලිපි -
[
මුසලුවන් ගෙන්වන, සිහලුන් බී නැසෙන, ආසියාවම පරාජය කළ මුසලු කුඩු ජාවාරම
http://denethharinna.blogspot.com/2013/09/blog-post_6535.html

කුඩු කන්ටේනරයට පාකිස්‌තාන් අයිතිකරුවෝ තිදෙනෙක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_4466.htmlලක්‍ෂ දෙකක කුඩු සමග කොටුවූ තිදෙනා තොරතුරු වමාරති. මාලිගාවත්තේ කුඩු ප්‍රබලයෙක්‌ සොයා මෙහෙයුමක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1825.htmlමුසලුවන් ගෙනා අල කන්ටේනර් දෙකේ කුඩු ඇත්දැයි සැක! වරායෙන් පිට කිරීම වහා අත්හිටුවයි...http://denethharinna.blogspot.com/2013/09/blog-post_3391.htmlපාකිස්‌තානුවාගේ 'සෙල් ෆෝනය' කුඩු කන්ටේනරය ගැන වමාරයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8.htmlකුඩු කිලෝ 200 පසුපස ලෝක කුඩු කප්පිත්තෙක්‌http://denethharinna.blogspot.com/2013/09/200.htmlජාත්‍යන්තර මාෆියා කල්ලි ශ්‍රී ලංකාව කුඩු හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ කරගෙනhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1445.html
මේ වැනසෙන්නේ සිහළ බොදු තාරුණ්‍යයයි. වසරකදී රු. කෝටි 2670 ක කුඩු බොති.http://denethharinna.blogspot.com/2013/10/2670.html
]

1 comments:

Unknown said...

sidda wena hama dekinma penna thiyenne mona widihakin hari ape rata jathiya agama wanasanna godak aya kepawimen wada karanawa kiyala. apith me dewal walata wiruddawa puluwan hama deyakma karamu. me wage wadagath lipiyak danna mahansi una hamotama godak pin.