Pages

Wednesday, October 9, 2013

13+ අරන් දෙන්න බලපෑම් කරන්න – හකීම් ඉන්දියාවට කියයි

13 වන ව්‍යවස්තා සංශෝධනය රැක ගැනීමටත් ඉන් එහා ගිය බලතල ලබා ගැනීමටත් ඉන්දීය බලපෑම් අවශ්‍ය යයි ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පල කලේ මෙරට සංචාරයක නිරත වන ඉන්දීය විදේශ අමාත්‍ය සල්මක් කුර්දිෂ් මහතා හමු වූ අවස්ථාවේදීය.

සුළු ජාතීන් බහුතරයක් සිටින පලාත්වලට ඔවුන්ගේ අයිතීන් දිනා ගැනීම සඳහා මෙම බලතල අවශ්‍ය කරන බවද සඳහන් කර ඇති ඇමති හකීම් මුස්ලිම් ජනතාවගේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දීය ආධාර අවශ්‍ය යයිද පවසා තිබේ.

කෙසේ වෙතත් තමිල්නාඩු ධීවර ප‍්‍රශ්ණය සම්බනධයෙන් මෙහෙදී කිසිදු සාකච්චාවක් සිදු නොවූ අතර මන්නාරම් මුහුදු තීරයේ ධිවර කටයුතුවල යෙදෙන මුස්ලිම් ජාතික ධීවරයන් නිරන්තරයෙන් තමිල්නාඩු ධීරවයන්ගේ හිරිහැරයන්ට ලක්වේ.

http://lankacnews.com/sinhala/news/102422/

0 comments: