Pages

Tuesday, October 1, 2013

උතුරේ ආණ්ඩුකාරයා ඉවත්කිරීම - වාසුගේ ප්‍රකාශයට හෙළ උරුමයෙ විරෝධය

පක්‍ෂයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය  නිවේදනය

ඉඩම් බලතල හා පොලිස් බලතල ද උතුරේ පළාත් සභාව සමඟ සහයෝගයෙන් ඛෙදා හදා ගත යුතු බවට ද වාසුදේව ඇමතිතුමා වැඩිදුරටත් මහ ආණ්ඩුවට යෝජනා කර ඇත.

මෙය අපේ ජනවහරේ කියවෙන ආකාරයට දුවන බල්ලන්ට පොල් බෑයෙන් ගැසීමක් වැනි යෝජනාවකී.  දුවන බල්ලාට පොල් බෑයෙන් ගැසු විට ඌ පොල් බෑය ද රැගෙන දුවනු ඇත. වාසුදේව ඇමතිතුමාගේ යෝජනාව ද එවැන්නකි.

මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව යාපනයේ දී සිංහලෙන් අදහස් දැක් වූ විග්නේෂ්වරම් මහතා ප්‍රකාශ කර සිටියේ තමන් කොළඹ ආණ්ඩුව සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට සුදානම් බවය.

අප දන්නා ආකාරයට මේ රටට ඇත්තේ එක ආණ්ඩුවක් පමණි. එක රටක්, එක නීතීයක්, එක පාලනයක් පමණී. කොලඹ ආණ්ඩු, යාපනේ ආණ්ඩු, කුරුණෑගල ආණ්ඩු, අනුරාධපුර ආණ්ඩු, ගාල්ල ආණ්ඩු කියා ආණ්ඩු නැත. කොළඹ ආණ්ඩු නමින් ආණ්ඩු හැඳීන්වීම උතුරේ හා දකුණේ ආණ්ඩු ලෙස හැඳීන්වීම යට සංකල්පීය හා දේශපාලන වශයෙන් වෙනස් අර්ථයක් ගැබ් වෙනවා ඇත.

විග්නේෂ්වරම් මහතා කොළඹ ආණ්ඩුව ලෙස නම් කිරීම තුළින් උතුරේ ආණ්ඩුවකට ද පදනම සකස් කර ගෙන ඇත.

විග්නේෂ්වරම් මහතා සිංහලෙන් අදහස් දක්වමින් කොළඹ ආණ්ඩුව සමඟ සහයෝගයෙන් වැඩකිරීමට සුදානම් බව ප්‍රකාශ කල ද  දෙමළ භාෂාවෙන් කතා කරන විට දෙමළ ජනතාවට ප්‍රකාශ කරන්නේ ඊට හාත්පසින්ම වෙනත් අදහසකි.

ඉංග්‍රීසි භාෂාවෙන් අමතන විට දෙමළ ඩයස්පෝරාවට, ජාත්‍යන්තරයට දෙන්නේ තවත් පණිවිඩයකි. විග්නේෂ්වරම් මහතාගේ මේ භාෂාව වශයෙන් වූ මේ ත්‍රිත්ව රංගනය අපට අරුමයක් නොවේ. මක්නිසා ද ලිහා බැලූ මල්ල ඔබා බැලිය යුතු නැත.

එම නිසා විග්නේෂ්වරම් මහතාගේ උතුරු පළාත් සභාවේ ක්‍රීයා කලාපය දෙස මැදහත් සිතින් බැලීමට පුරුදු විය යුතු බවත් ඔවුන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සිත් සතන් සකස් කර ගත යුතු බවටත් යෝජනා කරන වාසුදේව නානායක්කාර ඇමතිතුමා අද විග්නේෂ්වරම් මහ ඇමතිතුමාගේත් දෙමළ ජාතික සංවිධානයේත් උතුරු පළාත් සභාවේත් දකුණේ ප්‍රචාරක ලේකම්වරයා බවට පත්ව ඇත.

උතුරේ පළාත් සභාව හා මහ ආණ්ඩුව අතර ඝට්ටනයක් ඇති වීම වළක්වා ගැනීමට වාසුවෙද්ව නානායක්කාර ඇමතිතුමාට සැබෑ ලෙසම අවශ්‍යතාවයක් ඇත්නම් ආණ්ඩුකාරධූරයට වාසුදේව නානායක්කාර ඇමතිතුමා නම් කර එහි වගවීම ඔහුට පැවරීම වඩාත් සුදුසු වන්නේ මේ දෙදෙනා දෙමස්සිනෝ වන බැවිනි.

උතුරට බලතල දෙන්නයි හඩ තලන වාසුදේව ඇමතිතුමාට ආණ්ඩුකාරධුරය පවරා ගැටුමකින් තොරව පළාත් සභාව කරගෙන යාමේ වගවීම වාසුදේව ඇමතිතුමාට පැවරෙනු ඇත.

එහෙත් අප දන්නා දෙමළ ජාතික සංධානය එවැනි සංහිදියාවකට ඛෙඳුම්වාදී ඊළාම්වාදී කවුළු වසා දමා ඒකීය රාජ්‍යයක් තුළ එක රටක්, එක පාලනයක් යටතේ කටයුතු කිරීමට සුදානම් නැත. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එය මොනවට පැහැදිලි කරයි.

http://lankacnews.com/sinhala/news/101965/

0 comments: