තම බලශක්ති අවශ්‍යතා වෙනුවෙන් ලෝක දේශපාලනය හසුරුවන ඇමරිකාව මුළු ලෝකයටම තර්ජනයක් බව බොලිවියානු ජනාධිපති ඉවො මොරාලෙස් පවසයි. ඔහු පවසන්නේ මානව හිමිකම් නිරීක්ක්ෂකයන් විනිසුරුවරුන් ලෙස ක්‍රියාකරන ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියට ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා කැඳවීමට කටයුතු කළ යුතු බවයි.
ස්වභාවික සම්පත් බහුල රටවල් වල එම සම්පත් කොල්ලකෑම සඳහා ඇමරිකාව විසින් අර්බුද නිර්මාණය කරන බව මොරාලෙස් පවසා තිබේ. උදාහරණයක් ලෙස ලිබියානු ජනාධිපතිවරයා මරා දැමීමට කටයුතු සැලසුම් කළ ඇමරිකාව ඉන් අනතුරුව ලිබියානු තෙල් සම්පත් පැහැරගෙන ගිය බව ඔහුගේ අදහසයි.
ධනවාදයට හෝ අධිරාජ්‍යවාදයට හිස නොනමන නායකයින්ට එරෙහිව සටන් කිරීමට සටන්කාමීන් යොදවන ඇමරිකාව කුමන්ත්‍රණයක් සිදුකළ හැකි රටක ජනතාව බෙදා වෙන්කිරීමට ප්රකෝපකාරී ක්‍රියාවක් සැලසුම් කරවා ඉන්පසු නේටෝ සංවිධානය, ආරත්ෂක කවුන්සිලය හෝ සාමසාධක හමුදා මගින් ආක්‍රමණය කරන බවත් බොලිවියානු ජනාධිපතිවරයා පවසා තිබේ. ඒ ආක්‍රමණ දියත්වන්නේත් මානව හිමිකම් සුරැකීමට නොව ස්වභාවික සම්පත් සහ භූ දේශපාලනික ආධිපත්‍යය වෙනුවෙන් බව ඔහු සඳහන් කර තිබේ.
මැදපෙරදිග බලශක්තිය ලෝකයට නිදහසේ ගලායාමේ අරමුණ වෙනුවෙන් මිලිටරි බලය ඇතුළුව තම බලයේ සෑම ආකාරයක්ම යොදාගන්නා බවට ඇමරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය අතිශයින් බරපතල බව දක්වන ඉවො මොරාලෙස් මේ පිළිබඳ වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මඩුරෝ සමග සාකච්ඡ කිරීමට බලාපොරොත්තු වන බවද පවසා තිබේ. එය මැදපෙරදිගට නොව මුළුමහත් ලෝකයේම ස්වභාවික සම්පත් හිමි රාජ්‍යයන්ට කළ තර්ජනයක් බව මොරාලෙස්ගේ මතයයි.
http://lankacnews.com/sinhala/foreign-news/101991/
0 comments:
Post a Comment