Pages

Thursday, October 10, 2013

උතුරේ ඇමති ධූර - නිදහස, සංහිඳියාවෙන් ගැටළු විසඳන්නට කියන සම්බන්ධන්ගෙන් ඒකාධිපති තීරණ

සම්බන්ධන්ට එරෙහිව කොටස්කාර පක්ෂ අවි අමෝරයි

දෙමළ ජාතික සන්ධානයේ කොටස්කාර පක්ෂවල දැඩි විරෝධය මත එහි නායක ආර්.සම්බන්ධන් මහතා උතුරු පළාත් සභාවේ අමාත්‍ය ධූර නම් කිරීමට පියවර ගැනීම හේතුවෙන් එම සන්ධානය අතර පැවැති බෙදීම තවත් තීව්‍ර වී ඇතැයි දෙමළ දේශපාලන පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. උතුරේ මන්ත්‍රීවරු සියල්ලම සම්බන්ධන් මහතා නම් කර ඇති අතර එම පක්ෂ නායකයින්ගේ තීරණයට ද ඔහු එකඟ වී නැත. සම්බන්ධන් මහතාගේ නායකත්වයෙන් යුත් තමිල් අරුසු කච්චි පක්ෂයට අමාත්‍යධූර තුනක් ලබා දී ඇති අතර මහ ඇමැති අපේක්ෂක ලෙස සී.වී. විග්නේෂ්වරන් මහතා නම් කළේ ද ඔහුගේ කැමැත්තට ය. 

එස්. සිද්ධාර්ථන්ගේ නායකත්වයෙන් යුත් ප්ලොට් සංවිධානයට අමාත්‍යධූරයක් දෙන්නැයි ඔවුන් ඉල්ලීම් කර තිබුණ ද උතුරු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ සංවිධායක ධූරය දීමට සම්බන්ධන් මහතා එකඟවී ඇති අතර ඔවුන් එය ද ප්‍රතික්ෂේප කර ඇත. 

ඊ.පී.ආර.එල්.එෆ් නියෝජනය කරමින් පී.අයියන්ගරනේෂන්ට කෘෂිකර්ම,පශු සම්පත් හා මිරිදිය ධීවර කර්මාන්ත අමාත්‍යංශය දී ඇති අතර එය සිය සොහොයුරු ධර්වේෂ්වරන්ට දෙන්නැයි එහි නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඉල්ලීම් කර තිබේ. 
ටෙලෝ සංවිධානයෙන් මන්නාරම දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ පී. දෙනීෂ්වරන්ට පළාත් පාලන ඇමැති ධූරය දී ඇති අතර එය තමාට දෙන්නැයි එහි නායක කේ.සිවාජිලිංගම් ඉල්ලීම් කර තිබේ. උතුරු පළාත් සභාවේ අධ්‍යාපන ඇමැති ධූරය ටී.ගුරුකුලරාජාට ද සෞඛ්‍ය ඇමැති ධූරය පී.සත්‍යලිංගම්ට ද දී ඇත. 

උතුරු පළාත් සභාවේ අමාත්‍යවරු යාපනේදී හෙට (11) ප්‍රධාන ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත ය.

කමණී හෙට්ටිආරච්චි
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=19102:2013-10-09-06-26-28&catid=34:news&Itemid=62

සබැඳි ලිපි -
[
අර්බුද මැද උතුරේ ඇමැති මණ්‌ඩලය දිවුරුම් දීම 11 දාhttp://denethharinna.blogspot.com/2013/10/11.html
]

0 comments: