Pages

Monday, October 7, 2013

ක්‍රිකට් සහ සල්ලි | කෝලි, දෝණි සහ සචින්

ලෝකයේ ධනවත්ම ක්‍රිකට්‌ ක්‍රීඩකයා විරාත් කෝලි?

අන්තර්ජාතික ක්‍රිකට්‌ පිටියේ සිටින ධනවත්ම ක්‍රිකට්‌ ක්‍රීඩකයාට හිමි කිරුළ ක්‍රම ක්‍රමයෙන් ඉන්දීය සුපිරි පිතිකරු විරාට්‌ කෝලි දෙසට හැරෙමින් තිබෙන බව විදෙස්‌ මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

සුප්‍රකට ක්‍රීඩා භාණ්‌ඩ වෙළෙඳ සමාගමක්‌ වන ඇඩිඩාස්‌ සමාගම සහ කෝලි අතර ඩොලර් මිලියන ගණනක කොන්ත්‍රාත්තුවකට ඉකුත් දා අත්සන් තැබුණු අතර එම ගිවිසුමත් සමග අදාළ ඉලක්‌කයට යැමේ අවස්‌ථාව කෝලිට උදාවී තිබෙන බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම ගිවිසුමත් සහ තවත් වෙළෙඳ සමාගම් 13 ක්‌ සමග විවිධ ගිවිසුම් වලට එළැඹ ඇති බැවින් කෝලි වාර්ෂික ආදායම සුලූ පටු එකක්‌ නොවන බව එරට සුප්‍රකට සගරාවක්‌ ගණන් බලා තිෙරී. මෙහිදී ලොව ධනවත්ම ක්‍රිකට්‌ ක්‍රීඩකයා ලෙස සැලකෙන ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනිගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 31.5 ක්‌ වන අතර එය මෙම වසරේදී ඉක්‌ම යැමට කෝලිට අවස්‌ථාව හිමිවෙනු ඇති බව අනුමාන කෙරේ. 

ලොව ධනවත්ම ක්‍රීඩකයන් පිළිබඳ සමීක්‍ෂණය කෙරෙනු ලබන සුප්‍රකට ෆෝබ්ස්‌ සගරාවට අනුව දෝනි 16 වැනි ස්‌ථානය පසුවන අතර ඉන්දීය සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් එයි 51 වැනි තැන පසුවේ. ඇඩිඩාස්‌ සමාගම සමග එළැඹුණු වසර 3 ක කොන්ත්‍රාත්තුව සඳහා ඉන්දීය රුපියල් කෝටි 10 ඉක්‌මවා ඇති බැවින් විචාරක අදහස්‌ වලට අනුව කෝලි මේ වන විටත් ටෙන්ඩුල්කාර්ව ඉක්‌මවා ගොස්‌ ඇති බව සඳහන් වේ.

ටෙස්‌ට්‌ පිටියට ආධුනිකයකු වුවද මේ වන විට ඉන්දීය පිලට නැතිවම බැරි ක්‍රීඩකයකුට බවට පත්ව සිටින කෝලි ටෙස්‌ට්‌ තරග 18 කට පමණක්‌ ක්‍රීඩා කොට තිබේ. එක්‌දින තරග 113 කට ක්‍රීඩා කොට ඇති හෙතෙම එහිදී ශතක 15 ක්‌ සමගින් ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 50 ඉක්‌මවා රඳවා ගැනීමට සමත්ව සිටියි. එය මෑත කාලයේ ක්‍රීඩකයකු රඳවා ඇති ඉහළම ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය වශයෙන්ද සටහන් වේ.

http://www.divaina.com/2013/10/07/sports04.html

0 comments: