Pages

Monday, October 7, 2013

ඇමරිකාවේ අධිකාරී බලය හාන්සිද?

සිරියාවට එරෙහි ප‍්‍රහාරයක් නවතා දැමීමෙන් පසුව ඇමරිකාව අභ්‍යන්තර දේශපාලන අර්බුදයක පැටලී සිටීම සමග ලෝක ප‍්‍රජාවේ දැඩි අවධානයට ලක්ව ඇතැයි වාර්තා වේ.

ආසියානු විදෙස් ඇමතිවරයෙකු පසුගියදා පවසා ඇත්තේ ඇමරිකාව ආර්ථිකමය වශයෙන් පෙර ලෙස ස්ථාවර නොවන බව එහි විදෙස් මිතුරන්ට දිස් වීම සමග මතුවන හිස්තැන පිරවීම සඳහා චීනය සහ රුසියාවට ඉඩ ලැබී ඇති බවයි.

බාලි හි පැවැත්වෙන ආසියා පැසිපික් ආර්ථික සහයෝගිතා සමුළුව සහ බෲනායි හි පැවැත්වීමට නියමිත නැගෙනහිර ආසියානු සමුළුවට සහභාගී වීමට නියමිතව සිටි ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා අයවැය අර්බුදයට මුහුණ දීම සඳහා එම සංචාරය අවලංගු කිරීමද කලබලකාරී තත්වය උත්සන්න කිරීම සඳහා හේතු වී තිබේ.

ඇමරිකාවේ ණය ගැනීමේ හැකියාව අත්හිටුවීම සඳහා කොංග‍්‍රස් මණ්ඩලය කටයුතු කළහොත් ඇරිකානු ආර්ථිකය බංකොලොත් භාවයට පත්වීමේ අවදානමක් පැනනැගී ඇති අතර එවැන්නක් සිදුවුවහොත් ඉන් ලෝක ආර්ථිකයට සිදුවන හානිය අතිවිශාල බව පැවසේ.

යුරෝපා මහ බැංකු ප‍්‍රධානි මාරියෝ ඩ‍්‍රාගි පවසා ඇත්තේ 2008 අර්බුදයෙන් පසු දුර්වල අස්ථිර ඉහළ නැගීමක සිටින යුරෝපා ආර්ථිකයට එවැනි චලනයක් දරාගත හැකි නොවනු ඇති බවයි.

තවත් සති 3කින් ඇමරිකාවේ ණය ගෙවීමට හැකි තත්වයක් පවතීද යන්න අස්ථිර නමුදු දැනටමත් එය දේශපාලන වශයෙන් බංකොලොත් වී ඇති බව ජර්මානු පුවත්පතක් වාර්තා කර ඇත.

චීනයට එරෙහිව ආසියානු කලාපයේ ආරක්ෂක දාමය මෙහෙයවන ඇමරිකාවේ වත්මන් තත්වය පිළිබඳව පිලිපීනය සහ දකුණු කොරියාව වැනි ඇමරිකාව මත රඳා පවතින රාජ්‍යයන් සැක පහළ කර තිබේ.

මේ අතර සිරියාව සහ ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාවේ මෑත කාලීන ක‍්‍රියා කලාපය පිළිබඳවද ඇමරිකානු හිතවාදී ගල්ෆ් රටවල් සිය අප‍්‍රසාදය පළ කර තිබේ.

මෙම තත්වය ලෝක බලවතා ලෙස ඇමරිකාවේ තත්වය අවසන් වීමේ පෙරනිමිති බව ඇතැම් විචාරකයන් පවසා ඇත.

http://lankacnews.com/sinhala/foreign-news/102291/

සබැඳි ලිපි -
[
ලෝකයම හෙල්ලුම් කෑ ඇමරිකාවේ අයවැය අර්බුදය අපටත් බලපායිද?
http://denethharinna.blogspot.com/2013/10/blog-post_7983.htmlඇමරිකානු ආර්ථිකයේ බිඳ වැටීමට ඔබාමා වගකිව යුතුයි - මූල්‍ය විශේෂඥ පැටි‍්‍රක් ජේ. යන්ග්http://denethharinna.blogspot.com/2013/10/blog-post_6077.htmlඇමරිකා මූල්‍ය අර්බුදය - ‘නාසා’ ආයතනය වසා දැමේhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_3.htmlනිදහසේ සංකේතය වූ ඇමරිකානු ලිබර්ටි ප්‍රතිමාවද වසා දමයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_238.htmlඇමරිකානු රජය ආර්ථික අවදානමකhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_6452.html
]

0 comments: