Pages

Monday, October 7, 2013

ඇමරිකාව සහ ඊශ‍්‍රායලය සිරියාවේ බලය අවතක්සේරු කළා - ඉතිහාස අධ්‍යයන ආයතනයේ මාර්ක් වෙබර්

සිරියානු රජයේ ශක්තිය තක්සේරු කිරීමේදී ඇමරිකාව සහ ඊශ‍්‍රායලයට වැරදුණු බව දේශපාලන විශ්ලේෂකයන් පවසති.  ඉතිහාස අධ්‍යයන ආයතනයේ මාර්ක් වෙබර් පවසන්නේ සිරියානු රජය ඔවුන් බලාපොරොත්තු වූවාට වඩා ස්ථාවරව සහ ශක්තිමත්ව ටක්ෆිරි සටන්කාමීන්ට මුහුණදුන් බවයි.

පසුගිය මාස කිහිපය තුළ සරියානු රජයේ හමුදා සටන්කාමීන් දරුණු පරාජයන් අත්කර දී ඇති අතර රටේ විවිධ ප‍්‍රදේශවල බලය අත්පත් කරගැනීමේ මෙහෙයුම්ද සාර්ථකව අවසන් කරගෙන තිබේ.

පසුගියදා උතුරු අලෙප්පෝ ප‍්‍රාන්තයේ කනසෙර් නගරයේ බලය සිරියානු හමුදාවන් අතට පත් වූ අතර එය මධ්‍යම සිරියාවත් උතුරු අලෙප්පෝ ප‍්‍රාන්තයත් එකිනෙක සම්බන්ධ කරන උපායමාර්ගිකව වැදගත් නගරයක් ලෙස සැලකේ.

වෙබර් පවසන්නේ සිරියානු අර්බුදය එහි ජනතාවගේ සාංසිද්ධික නැගී සිටීමක් නොවන බවයි.  එය ඇමරිකාව සහ ඊශ‍්‍රායලය නොපිනවන මැදපෙරදිග කලාපයේ සියලූ රටවල් වල රෙජිමයන් පෙරලා දැමීමේ පුළුල් සැලසුමක් කොටසක් පමණක් බව ඔහු පවසා තිබේ.

දැඩි මතභේද සහිත සිරියානු සටන්කාමී කණ්ඩායම් මූලධර්මවාදී විනාශකාරීත්වය සහ වෛරය බාහිර ලෝකයට මුදා හරින නමුත් තමන් වඩා මධ්‍යස්ථ බව පෙන්වීමටද උත්සහ දරන බව මාර්ක් වෙබර්ගේ අදහසයි.

http://lankacnews.com/sinhala/foreign-news/102270/

0 comments: