Pages

Monday, October 7, 2013

සිරියානු රසායනික ප‍්‍රහාරය සවුදි අරාබියේ වැඩක්?

පසුගිය අගෝසතු මසදී සිරියාවේ දමස්කස් නගරය ආසන්නයේ නැගෙනහිර ගෞටා ප‍්‍රදේශයට එල්ල වූ රසායනික අවි ප‍්‍රහාරය සිදුකරන ලද්දේ සවුදි අරාබියාව විසින් මෙහෙයවූ විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් විසින් බව රුසියානු රාජ්‍යතාන්ත‍්‍රික ආරංචි මාර්ග පවසා ඇතැයි වාර්තා වේ.

තොරතුරු මූලාශ‍්‍රයන් ගණනාවක් අධ්‍යනය කිරීමෙන් පසුව සිදුවූයේ කුමක්ද යන්නෙහි සේයාවක් පැහැදිලි වෙමින් ඇති බව දක්වන ඔවුන් පවසන්නේ එම මෙහෙයුම් කණ්ඩායම ජෝර්දානය හරහා සිරියාවට ඇතුළුවී ඇති බවයි.

එම කණ්ඩායම ලිවා අල් ඉස්ලාම් නම් සටන්කාමී සංවිධානයේ සහයෝගය හිමිවී ඇති අතර ලිවා අල් ඉස්ලාම්හි නායකත්වය දරන්නේ සවුදි අරාබියානු පූජකයකුගේ පුත‍්‍රයෙකි.

2012 ජුලි මසදී සිරියානු රජයේ රහසිගත සාකච්ඡුාවකට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කර රජයේ ප‍්‍රධාන පෙළේ ඇමතිවරුන් කිහිපදෙනෙක් ඝාතනය කරන ලද්දේද එම සංවිධානය විසිනි.

රුසියානු ආරංචි මාර්ග පවසන්නේ විවිධ දේශපාලන මතධාරීන් සහ ඇතැම් සටන්කාමීන්ද රසායනික අවි ප‍්‍රහාරය පිළිබඳ තමන් දන්නා දේ රාජ්‍යතාන්ත‍්‍රික සහ ජාත්‍යන්තර සංවිධාන වල නිලධාරීන්ට හෙලි කිරීම මෙම තොරතුරු අනාවරණය කරගැනීම සඳහා බෙහෙවින් ඉවහල් වූ බවයි.

රසායනික අවි ප‍්‍රහාරයට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස සිරියාව ඉලක්ක කර ඇමරිකානු ප‍්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පැවති අතර එවැන්නක් සිදුවන්නේ නම් සිරියානු සටන්කාමීන්ට වාසි සහගත නිසා සවුදි අරාබියාව මෙවැනි සැලසුම්සහගත උපක‍්‍රමයක් යෙදීමට ඉඩ ඇතැයි දේශපාලන විශ්ලේෂකයන් මින් පෙරද පවසා තිබිනි.

පසුගියදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් සම්මත කළ යෝජනාවට අනුව මේ වන විට ජාත්‍යන්තර රසායනික අවිහරණ සංවිධානයේ කණ්ඩායමක් සිරියාව වෙත ගොස් ඇති අතර ඔවුන් ඔක්තෝබර් 7වනදා සිය මූලික පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

http://lankacnews.com/sinhala/foreign-news/102268/

0 comments: