Pages

Monday, October 7, 2013

ඉරානයට තවත් වසරකින් න්‍යෂ්ටික අවි තැනිය හැකියි – ඔබාමා

ඉරානයට තවත් වසරකින් පමණ න්‍යෂ්ටික අවි තැනිය හැකි වනු ඇතැයි ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා ඇසෝසියේටඞ් ප්‍රෙස් පුවත් ජාලය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කර තිබේ.

ඔහු පවසා ඇත්තේ ඉරාන ජනාධිපති හසාන් රොහානිට න්‍යෂ්ටික අර්බුදය රාජ්‍යතාන්ත‍්‍රිකව විසඳීමේ ඇත්ත අවශ්‍යතාවයක් පවතින්නේද යන්න ලෝක ප‍්‍රජාවගේ පරීක්ෂාවට ලක්විය යුතු බවයි.

ඉරාන ජනාධිපතිවරයා සමග දුරකථනයෙන් කථාබහ කර සතියකට පසු මෙම විවේචනය එල්ලවීම විශේෂත්වයක් බව දේශපාලන විචරකයන් පවසති.  එම ඇමතුමෙන් අනතුරුව ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධ ගැටලූව දෙරට අතර සාකච්ඡ මාර්ගයෙන් විසඳා ගත හැකි බව ඔබාමා විසින් පවසනු  ලැබිනි.

කෙසේවෙතත් ඉන්පසුව ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුවීමෙන් පසු ඇමරිකාව සිය ස්ථාවරයන් නැවත වෙනස් කරගෙන ඇතැයි මින් වඩාත් පැහැදිලි වන බව දේශපාලන විචාරකයන් පවසති.

ඊශ‍්‍රායල අගමැතිවරයා සමග පැවති සාකච්ඡවේදී ඔබාමා පවසන ලද්දේ වසර කිහිපයක් පුරාවට පැණවූ දැඩි සම්බාධක හේතුවෙන් ඉරානය දැන් සාකච්ඡා මාර්ගයට අවතීර්ණවී ඇති බවයි.

මිලිටරි මැදිහත්මක විකල්පය ඇතුළු අන් කිසිදු විකල්ප සැලැසුමක් තමන් අතනොහරින බවද ඔහු පවසා තිබේ.

මේ අතර බි‍්‍රතාන්‍යය, චීනය, ප‍්‍රංශය, රුසියාව සහ ඇමරිකාවත්, ජර්මනියත් සහභාගී වන P 5+1 කණ්ඩායම සහ ඉරානය අතර සාකච්ඡ ඔක්තෝබර් 15 සහ 16 දෙදින තුළ ජීනීවාහිදී පැවැත්වීමට නියමිත බව පැවසේ.

http://lankacnews.com/sinhala/foreign-news/102317/

0 comments: