Pages

Thursday, October 3, 2013

ඇමරිකා මූල්‍ය අර්බුදය - ‘නාසා’ ආයතනය වසා දැමේ

ඇමරිකානු අය වැය සම්බන්ධයෙන් මතුවී ඇති අර්බුදය හේතුවෙන් නව මූල්‍ය වසර සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන නොලැබීම නිසා රජය අකර්මණ්‍ය වීමත් සමග නාසා ආයතනයේ සේවකයන් 17400ක රැකියාව තාවකාලිකව අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

මුළු සේවකයන් 18000න් මේ වන විට සේවයේ නියුතු වන්නේ සේවකයන් 600ක් පමණක් බව පැවසේ.

රජය අක‍්‍රියවූ ඔක්තෝබර් 01වන දිනය නාසා ආයතනයේ 55වන උපන් දින සැමරුම වූ අතර මේ වන විට නිල වෙබ් අඩවිය සහ අනතුරුදායක ඇස්ටරොයිඞ් පිළිබඳ දැනුවත් කරන ඇස්ටරොයිඞ් වොච් වැඩසටහනද අක්ර්මණ්‍ය වී තිබේ.

කෙසේවෙතත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී  සිටින නාසා අභ්‍යවකාශගාමීන් දෙදෙනාගේ අධීක්ෂණය සහ දැනට අභ්‍යවකාශගත කර ඇති යානා නිරීක්ෂණය අත් නොහැර පවත්වා ගැනීමට නාසා බලධාරීන් තීරණය කර ඇතැයි පැවසේ.

නාසා විද්‍යා පර්යේෂණාගාරයේ ගුවන් අධ්‍යක්ෂක බොබාක් ෆර්ඩොව්ස්කි පවසන්නේ රජය අක‍්‍රිය වීමේ වර්ධනයන් දෙස විමසිල්ලෙන් පසුවන බවයි.

මේ වසරේ නොවැම්බර් මසදී දියත් කිරීමට නියමිතව තිබූ මාර්ස් ඇට්මොස්ෆියර් සහ වොලටයිල් එවලූෂන් යන ව්‍යාපෘති කල් යනු ඇති බව නාසා ආරංචි මාර්ග හෙළි කර තිබේ.

http://lankacnews.com/sinhala/foreign-news/102088/

සබැඳි ලිපි -
[

නිදහසේ සංකේතය වූ ඇමරිකානු ලිබර්ටි ප්‍රතිමාවද වසා දමයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_238.htmlඇමරිකානු රජය ආර්ථික අවදානමකhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_6452.html
]

1 comments:

Anonymous said...

Ayi Nasa witharak wahala. Mata meka therenne na ne