Pages

Thursday, October 3, 2013

සිරියානු යුද්ධය වැළකූ පුටින් නොබෙල් සාම ත්‍යාගයට සුදුස්සෙක්

සිරියානු අර්බුදය විසඳීම සඳහා සිදුකළ මැදිහත්වීම හේතුවෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමිය යුතු බව රුසියානු ක‍්‍රියාකාරීන් සහ දේශපාලන විද්‍යාඥයන් පිරිසක් ප‍්‍රකාශ කර සිටිති.  රාජ්‍ය ඩූමා මන්ත‍්‍රී ලොසිෆ් කොබ්සෝන් පවසන්නේ පුටින් 2009 නොබෙල් සාම ත්‍යාග ලාභියා වූ ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමාට වඩා ඒ සඳහා සුදුසු බවයි.

ඔබාමා ඉරාකය සහ ඇෆ්ගනිස්ථානයේ යුද්ධය අනුමත කළ සහ සිරියාවට එරෙහි නව ප‍්‍රහාරයකට සූදානම් වන අතරවාරයේ ලේ වැගිරීම නැවැත්වීම සඳහා ගැටුම්කාරී තත්වය දේශපාලන සංවාදයෙන් විසඳීමට රුසියානු ජනාධිපතිවරයා වෙර දරන බව ඔහුගේ අදහසයි.

සිරියානු මැදිහත්වීම සාමය ගරුකිරීම කෙරෙහි පුද්ගල භාවිතාවෙන් ආදර්ශය ලබාදීමක් බව අධ්‍යාත්මික ඒකාබද්ධතාවය සහ සහයෝගිතාවය පිළිබඳ අන්තර්ජාතික ඇකඩමියේ උප සභාපති බෙස්ලාන් කොබාකියා පවසා තිබේ.  එම ආයතනයේ ප‍්‍රධානි ජෝර්ජි ට‍්‍රැපස්නිකොව් පවසා ඇත්තේ රුසියානු ෆෙඩරේෂණය තුළ සාමය ආරක්ෂා කිරීම සඳහාද ජනාධිපතිවරයා පියවර රැසක් ගෙන ඇති බවයි.

පසුගිය සැප්තැම්බර් 16වනදා ව්ලැදිමීර් පුටින්ගේ නාම යෝජනාව නොබෙල් ත්‍යාග කමිටුව වෙත යැවූ බවත් එය ලැබුනු බව 20 වන දින දැන්වූ බවත් ට‍්‍රැපසනිකොව් සනාථ කර තිබේ.  සමස්ත රුසියානු අධ්‍යාපන අරමුදලේ සභාපති සර්ජි කොම්කොව් විසින්ද රුසියානු ජනාධිපතිවරයා යෝජනා කර ඇති බව පැවසේ.

නොබෙල් කමිටු සාමාජිකයන්, පාර්ලිමේන්තු හා රජයන්, ජාත්‍යන්තර සංවිධාන වන සාමාජිකයන්, නීතිය, ඉතිහාසය සහ දර්ශනය විෂය පිළිබඳ මහාචාර්යවරුන් සහ නොබෙල් සාම ත්‍යාග ලාභීන් මෙවැනි නාම යෝජනා ලබාදීමට සුදුසු වන අතර අයදුම්පත් භාරගැනීම ලබන පෙබරවාරි 1 වන දින අවසන් වීමට නියමිතය.

http://lankacnews.com/sinhala/foreign-news/102071/

0 comments: