Pages

Thursday, October 3, 2013

අල්ලසින් ආගම් පැතිරවූ කාන්තාවන් පිරිසක් අත් බැඳ පොලීසියට බාර දෙති

ආගම් ප‍්‍රචාරණයේ යෙදුණු කාන්තාවන් තිදෙනෙකු අතුරුගිරිය ප‍්‍රදේශවාසීන් විසින් දෑත් බැඳ පොලිසියට බාර දී තිබේ.

අතුරුගිරිය, ගල්පොත්ත පාර ප‍්‍රදේශයේදී ඔවුන් ගම්වැසියන් විසින් අල්ලාගෙන ඇති අතර මෙම කාන්තාවන් මීට පෙර අවස්ථා කිහිපයකදී අතුරුගිරිය මිලේනියම් සිටි ප‍්‍රදේශයේ අන්‍යාගමිකකරණයේ යෙදී සිටි අය බවද හෙළිව තිබේ.

පෙර අවස්ථාවේදී යළි මෙම ප‍්‍රදේශයට නොපැමිණෙන ලෙස ප‍්‍රදේශවාසීන් විසින් ඔවුන්ට අවවාද කර තිබුණද එය නොතකා අද දිනයේත් ඔවුන් පැමිණීමත් සමග ප‍්‍රදේශවාසීන් අල්ලා අත් බැඳ පොලිසියට භාර දී තිබේ.

මෙම අවස්තාවට අතුරුගිරිය, ගල්පොත්ත පාර, ශී‍්‍ර ධම්ම විජිතාශ‍්‍රම විහාරවාසී හිමියන්ද සහභාගී වී ඇත.

http://lankacnews.com/sinhala/news/102063/

0 comments: