Pages

Wednesday, October 9, 2013

ශ‍්‍රී ලංකාව වැඩියෙන්ම රසායනික පොහොර භාවිත කරන රටවල් අතර හයවැනි ස්ථානයට

ලෝකයේ වැඩියෙන්ම රසායනික පොහොර භාවිත කරන රටවල් අතර හයවැනි ස්ථානය මේ වන විට ශ‍්‍රී ලංකාවට හිමිවී තිබෙන බව සබරගමු කෘෂි විද්‍යා පීඨයේ කෘෂි අපනයන බෝග අධ්‍යන අංශයේ ආචාර්ය පී.අයි. යාපා මහතා සදහන් කරයි.

මෙරට ගොවි ජනතාවගේ නොදැනුවත්කම නිසා රසායනික පොහොර භාවිතය ඉතාමත් විශාල ලෙස සිදු කරන බවද මාධ්‍ය සාකච්ඡවකදී ආචාර්යවරයා සඳහන් කලේය.

ශ‍්‍රී ලාංකික ගොවි ජනතාව රසායනික පොහොර භාවිතයට හුරු වූයේ 1968 වසරේ සිට බවත්, එදා පටන් පොහොර භාවිතය සිදුකළ ගොවි ජනතාව කිසිදු හේතුවක් නොමැතිව 2005 වසරේ සිට එතෙක් භාවිත කළ පොහොර ප‍්‍රමාණය දෙගුණයක් දක්වා ඉහළ දැමීමටද කටයුතු කර තිබෙන බවද පැවසීය.

මේ නිසා සමස්ත ලෝකයේම රටවල නිෂ්පාදනය කරන පොහොර ප‍්‍රමාණයෙන් 0.42% ශ‍්‍රී ලංකාව තුළ භාවිතය කරන තත්ත්වයකට පත්ව තිබෙන බවද හෙතෙම පවසා පෙන්වා දෙයි.

http://lankacnews.com/sinhala/news/102439/

0 comments: