Pages

Monday, October 7, 2013

විග්නේශ්වරන් උතුරේ ජනතාවට ඊළම පෙන්වමින් නන්දිකඩාල් රැගෙන යනවා - ගම්මන්පිල

‘සාමය නම් සාමයයි. යුද්ධය නම් යුද්ධයයි. මේ දෙකේදී විග්නේශ්වරන් කි‍්‍රයා කරන ආකාරය දෙස අපි බලා සිටිනවා. දෙමළ ඊළාම් සිහිනය පෙන්වමින් උතුරේ ජනතාව දැන් නන්දිකඩාල් කළපුව කරා එක්ක යනවා. අපි විග්නේශ්වරන් මහත්තයාට කියනවා එසේ කරන්න එපා කියලා’ යැයි බස්නාහිර පළාත් කෘෂිකර්ම හා පරිසර ඇමති නිතීඥ උදය ගම්මන්පිල මහතා හෝමාගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී පැවසීය.

එහිදී ඇමතිවරයා මෙසේද කීය.

‘පළාත් සභා බලතල අඩුකළ යුතු බව අපි මුලදිම කීවා. නමුත් අපි කී දෙය අහන්නේ නැතිව එම ඡන්දය තිබ්බා. දැන් උතුර පළාත් සභා බලතල ඉල්ලලා කෑ ගහනවා. මේක හරියට අනවශ්‍ය සෙල්ලම් බඩුවක් සමග ළමයෙක් සෙල්ලම් කරන විට එය ගත් පසුව හයියෙන් හඩන විට නැවත එය ඔහුට දෙනවා වගේ වැඩක්.

දෙමළ ජාතික සන්ධානය උතුරේ ඡුන්දය ඉල්ලන විටත් එම ඡන්දය පවත්වන විටත් අපි කී දෙය අද සිදු වෙලා. පසුගිය වසර 37 තුළ උතුරේ යුද්ධයෙන් එම පළාත් වල දස දහස් ගණනක් මැරුණා. ඔවුන්ට තමන්ගේ ඥාතීන්, හිතවතුන්, නෑදෑයන් නැති වුණා. ඒ වේදනාව පිරිමැසුවේ ඡුන්දයෙන්. මෙසේ බටහිර රට වලට පැන ගිය දෙමළ පිරිස් උතුරේ අයට කිව්වේ ද්‍රවිඩ සන්ධානයට ඡුන්දය දෙන්න කියලයි.

මේ නිසා යුද්ධයෙන් ලබා ගැනීමට බැරි වූ දෙය දැන් ඡන්දයෙන් ලබා ගන්න උත්සාහ කරනවා. චෙල්වනායගම් හා ප‍්‍රභාකරන්ට කිරීමට බැරිවූ දේ විනේශ්වරන් හරහා ඉටු කර ගැනීමට උතුරේ අය උත්සාහ කරනවා. ඊළාම් සිහිනය පෙන්වමින් ද්‍රවිඩ ජනතාව නැවත නන්දිකඩාල් කළපුවට රැගෙන නොයන ලෙසට අපි විග්නේශ්වරන්ට කියනවා’

http://lankacnews.com/sinhala/news/102255/

0 comments: