Pages

Tuesday, October 8, 2013

සුගලා දේවියගේ මැණික්‌ අබරණ සොයා නිධන් හාරමින් සිටි සිව්දෙනෙක්‌ දැලේ

සුගලාදේවියගේ මමිය හමුවූවායෑයි පැවසෙන කඳු පන්තියේ කෙළවර නුවරගල සුගලාදේවී රාජමහා විහාරයට සමීපව ඇති කාර්මික ජනපදයේ සුගලාදේවියගේ මැණික්‌ ආභරණ සොයා නිධන් හාරමින් සිටි සිව්දෙනෙක්‌ පෙරේදා (06 දා) රාත්‍රියේ පොලිස්‌ අත්අඩංගුවට පත්ව ඇත. 

සුගලා දේවියගේ මමිය විනාශ නොකළ බවත්, එය සඟවාගෙන ඇති බවත් කියන කටකතාවත් සමග මේ පුරාවස්‌තු සංහාරය අලුත් වටයකින් ආරම්භ වී තිබේ. 

මෙම සැකකරුවන් අඩි 35 ක්‌ ගැඹුරු වළක්‌ හාරා එතැන් සිට අඩි හයක දෝනාවක ගොස්‌ නැවතත් අඩි 21 ක්‌ ගැඹුරට වළක්‌ හාරා ඇත.

මෙම උමග තුළට ඔක්‌සිජන් ලබාගැනීම සඳහා විශේෂ විදුලි පංකා භාවිතකර ඇත. ඇතුළත එකතුවන ජලය ඉවත් කිරීම සදහා පිටතට ශබ්දය නොඇසෙන අඟල් දෙකේ ඉලෙක්‌ට්‍රොනික්‌ ජල පොම්ප තුනක්‌ යොදාගෙන ඇත. 

ඊ.ඩී. සුනිල්, පී.ජී. වික්‍රමසිංහ, අයි.පී. ලයනල් සහ ඒ.ජී. සුගතදාස නමැති මේ සැකකරුවන් නුවරගල ප්‍රදේශයේම පදිංචි කරුවෝ වෙති. අරලගංවිල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක ලලිත් රාජමන්ත්‍රි මහතාගේ උපදෙස්‌ මත අපරාධ අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක ප්‍රදීප් සෙනවිරත්න, සිරිපුර පොලිස්‌ ස්‌ථානාධිපති උ.පො.ප. එස්‌.ඒ. එන්. කිත්සිරි, පො.සැ. (43191) සෝමරත්න, පො.සැ. (45730) ජයසූරිය, පො. කො. (66517) කැලුම්, පො.කො. (43817) ප්‍රදීප්, පො. කො. (51217) විතාන, ආරක්‌ෂක සහායක (1704) පියතිස්‌ස යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් භාණ්‌ඩ සහ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ප්‍රසන්න සිල්වා - දිඹුලාගල
http://www.divaina.com/2013/10/08/news15.html

කතෲ සටහන -
මේ නම්, අහස පොළොව නුහුලන අපරාධයක්. අප සැමට පුදුම හිත්වේදනාවක් ඇතිඋනා. මහා උරුමයක්... බෙහෙත් ගල්වා සුරක්ෂිත කරන ලද මිනියක්... එසේ කල්පවත්නා පරිදි සංරක්ෂයට යෙදූ තාක්ෂණික ක්‍රම, ඖෂධ, ක්‍රමවේදය ආදිය ගැන වෙනම පර්යේෂණයක් කරන්න තිබුණා. ඉතිහාසයේ නව පරිච්ඡේදයක ඇරඹුම ඉතා අවාසනාවන්ත ලෙස වැනසී ගියා. අපිට තිබූ ඓතිහාසික, තාක්ෂණික, දැවැන්ත, වටිනා උරුමයක්, ගල්කොරිකාරයෙකුගේ මුග්ධ ක්‍රියාකලාපය නිසා සම්පූර්ණයෙන්ම වැනසී ගියා. උරුමය රකින්නට සිටිනා බලධරයන් මර නින්දේ. නැත්නම් පුරා විදු බිමක්, දෙයිද ගල් කඩන්නට???


සබැඳි ලිපි -
[

උරුමය දවා හළු කළ පසු....!http://denethharinna.blogspot.com/2013/10/blog-post_7574.htmlගල්කොරිකාරයෙක්‌ නුවරගලදී හමුවූ සුගලා දේවියගේ මමියත් පුච්චලා!http://denethharinna.blogspot.com/2013/10/blog-post_8310.htmlසුගලා දේවියගේ සොහොන කඩති, දේහය පුළුස්සති, අබරණ කොල්ලකතිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_4.html
]

1 comments:

Anonymous said...

තිලකා රන්දෙනි- ඇත්තටම මේ මමිය විනාශ කළාද? නැතිනම් විශේෂ හේතුවකට සැගවීමට ඇති අවශ්‍යතාවයට පිච්චුවා යයි කියනවාද?මේකේ වැඩේ කියන්නේ පුච්චපු කතාව දැනට අවුරුද්දක වෙලේ පටන් යන කට කතාවක්. හැබැයි මිනිසුන් හාරන්නේ ගිය 6 වෙනිදායි. ගැඹුරින් අධ්‍යයන කළ යුතුයි.