Pages

Saturday, October 5, 2013

මෙවර ශිෂ්‍යත්ව ප‍්‍රතිඵලයෙන් සිංහලයාට සම අයිතිය නොමැති බව ඔප්පු වුණා - චම්පික

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ දිස්ති‍්‍රක් අවම ලකුණු සීමා දෙස බැලීමේ දී පෙනී යන්නේ ශ‍්‍රී ලංකාව පුරාම දෙමළ මාධ්‍ය සිසුන්ට සම අයිතීන් පවතින බවත්, එහෙත් සිංහල සිසුන්ට ඒ අයිතිය අහිමි වී ඇති බවත් යැයි තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මෙවර ශිෂ්‍යත්ව විභාග ප‍්‍රතිඵල නිකුත් කිරීමේදී දිස්ති‍්‍රක්ක හතරක සිංහල මාධ්‍ය අවම ලකුණු සීමා ලබා නොදීම හා සියලූම දිස්ති‍්‍රක්ක වල දෙමළ මාධ්‍ය අවම ලකුණු සීමා ලබා තිබීම මගින් මේ බව හෙළිවන බවද අමාත්‍යවරයා සදහන් කළේය.

‘මෙවර ශිෂ්‍යත්ව ප‍්‍රතිඵලය නිකුත් කිරීමේදී යාපනය, කිලිනොච්චිය, මන්නාරම හා මඩකලපුව යන දිස්ති‍්‍රක්ක හතරේ සිංහල මාධ්‍ය අවම ලකුණු සිීමා ලබාදී තිබුණේ නැහැ. නමුත් ශ‍්‍රී ලංකාව පුරාම දෙමළ මාධ්‍ය අවම ලකුණු සීමා ලබාදී තිබුණා. ඉන් පෙනී යන්නේ දෙමළ මාධ්‍ය සිසුන්ට ශ‍්‍රී ලංකාව පුරාම සම අයිතීන් පවතින බවයි. නමුත් දිස්ති‍්‍රක්ක 4ක සිංහල සිසුන්ට ලකුණු නොමැති වීමෙන් පෙනී යන්නේ නාසිවාදී දෙමළ ත‍්‍රස්තවාදීන් සිංහල ජනතාව ඒ දිස්ති‍්‍රක්ක වලින් පළවා හැරීම නිසා, එම දිස්ති‍්‍රක්ක වල ජීවත් වීමේ අයිතිය සිංහල ජනතාවට අහිමි වී ඇති බවයි.

ඒ වගේම,මේ ප‍්‍රතිඵලය නිකුත් කිරීම දෙස බලන විට පෙනී යන තවත් කරුණක් වන්නේ බොහෝ දිස්ති‍්‍රක්ක වල දෙමළ මාධ්‍ය අවම ලකුණු සීමා අඩු වී ඇති බවයි.නමුත් සිංහල දරුවන්ට තරගය වැඩියි.ඔවුන්ගේ ලකුණු සීමා සාපේක්ෂව අඩු වී නැහැ. එහිදී සිංහල දරුවන්ට වඩා අවස්ථාවක් දෙමළ මාධ්‍ය දරුවන්ට ලබාදී තිබෙනවා.ජාතීන් අතර සම අයිතිය ගැන කතා කරන අය මේ පිළිබද අවධානය යොමු කළ යුතුයි.

මෙය සිදු වී තිබෙන්නේ නාසිවාදී ත‍්‍රස්තවාදීන්ගේ පළවා හැරීම් වලට ඒ ප‍්‍රදේශ වල පාරම්පරිකව සිටි සිංලහයින් ලක් වූ නිසාය.මෙහිදී අසාධාරණය වී තිබෙන්නේ දෙමළ ජනයාට නොවෙයි.ඒ ප‍්‍රදේශ වල සිටි සිංහල ජනයාටයි.

දෙමළ ජනයාට ශ‍්‍රී ලංකාවේ සෑම දිස්ති‍්‍රක්කයකම ජීවත් විය හැකි බවට මෙය ඉන්දියාවටත් ඊනියා දෙමළ ඩයස්පෝරාවටත් හොද පණිවුඩයක් බවද පැවසිය යුතුයි’ යනුවෙන් අමාත්‍යවරයා පවසා සිටියේය.

http://lankacnews.com/sinhala/main-news/102175/

0 comments: