Pages

Saturday, October 5, 2013

රනිල් නායකත්වයෙන් යන්නට පැය 48ක් ඉල්ලයි

තමන්ට එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් ඉවත් වීම සදහා දින දෙකක් ලබා දෙන ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා ඉල්ලා තිබේ.

ජාතික භික්ෂු පෙරමුණේ අනුශාෂක පුජ්‍ය ගිරිඹේ ආනන්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ කොල්ලුපිටිය පොල්වත්ත ධර්ම කීර්තියාරාම  විහාරයේ දී පැවැති සාකච්ඡාවේ දී වික‍්‍රමසිංහ මහතා මේ ඉල්ලීම ඉදිරිපත් කර ඇත.


වහාම එජාපයේ නායකත්වයෙන් ඉල්ලා අස්වීම හැර වෙනත් කිසිදු විසදුමකින් එජාපයට සෙතක් අත් නොවන බව ගිරිඹේ ආනන්ද නාහිමියන් පැවසූ විට තමන්ට නායකත්වයෙන් ඉල්ලා අස්වීම සලකා බැලීම සදහා දින දෙකක් ලබා දෙන මෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉල්ලා ඇත.


මේ සම්බන්ධයෙන් අදහස් පලකරමින් ගිරාබේ ආනන්ද හිමියන් ප‍්‍රකාශ කලේ එක්සත් ජාතික පක්‍ෂය පුළුල් ප‍්‍රතිසන්ධානයකට ලක් කිරීමේ අවශ්‍යතාව පෙරටුකර ගනිමින් යෝජනා වූ නායකත්ව මණ්ඩලයකට විපක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා එකඟත්වය පළ කළ බවයි.


එම නායකත්ව මණ්ඩලයේ සභාපති ධුරය පාර්ලිමේන්තු මන්තී‍්‍ර කරු ජයසූරිය මහතා වෙත ලබා දීමටද මෙහිදී තීරණය වූ බව උන් වහන්සේ වැඩිදුරටත් කීහ.


http://lankacnews.com/sinhala/main-news/102190/


සබැඳි ලිපි -

[
රනිල් ධුරයෙන් අස්වීමට තීරණය කරයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5622.html
]

0 comments: