Pages

Sunday, October 6, 2013

දැඩි පීඩනයක හමුවේ රනිල් අස්වේද???

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ රැඳී සිටීමට එරෙහිව අන් කවරදාකටත් වඩා දැඩි පීඩනයක් මේ වනවිට ඇතිවී තිබේ. ඔහු එ.ජා.ප නායකත්වයෙන් පන්නා දැමීම සඳහා පා ගමනක් අද දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලින් ආරම්භ කිරීමටද කටයුතු යොදා තිබේ.

වසර 17 ක් විපක්ෂයේ රැඳී සිටිමින් මැතිවරණ 27 ක් රනිල් වික්‍රමසිංහ මහතා පරාජය වූ බවත් එ.ජා.ප.යට නව නායකත්වයක් අවශ්‍ය බවත් උද්ඝෝෂකයෝ කියති. මෙම පා ගමන ලබන 11 වනදා වනවිට කොළඹට ළඟාවීමට නියමිතය.

එක්සත් භික්ෂු පෙරමුණ විසින්ද නායකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළේය.

මේ අතර, එක්සත් ජාතික පක්ෂය කුමන හෝ කරණමක් ගැසීමට සූදානම් වනබව මේ දිනවල සිදුවන යම් යම් පෙරළි හමුවේ පෙනෙන්නට තිබෙන කාරණාවකි.

එක්සත් ජාතික පක්ෂයේ තමන් දැරූ ආසන සංවිධායක ධූරයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී හා පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ඉල්ලා අස්විය.

මේ අතර, දයා ගමගේ මහතාද තමන් දරන ජාතික සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීම සඳහා සූදානම් වේ. පක්ෂයේ භාණ්ඩාගාරික ධූරය දැරූ සෙනරත් කපුකොටුව මහතාද එම තනතුරින් ඉල්ලා අස්විය.

එසේම, පක්ෂයට උපදෙස් ලබාදීම සඳහා උත්තරීතර මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී තිබෙන අතර වාර්තා වන්නේ මෙම උත්තරීතර මණ්ඩලයේ නායකත්වයට කරූ ජයසූරිය මහතා පත්කිරීම ව්‍යවස්ථා අර්බුදයක් දක්වා දුර දිග ගොස් තිබෙන බවයි.

එනම්, කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය නොකරන්නේ නම් ජයසූරිය මහතා මෙම උත්තරීතර මණ්ඩලයට පත්කළ නොහැක.

හෙතෙම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වය ප්‍රතික්ෂේප කිරීම හමුවේ මෙම ව්‍යවස්ථා අර්බුදය හටගෙන තිබේ.

http://vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1084337238

සබැඳි ලිපි -
[

රනිල් නායකත්වයෙන් යන්නට පැය 48ක් ඉල්ලයිhttp://denethharinna.blogspot.com/2013/10/48.htmlරනිල් ධුරයෙන් අස්වීමට තීරණය කරයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5622.html
]

0 comments: