මහජනතාව අපහසුතාවට පත්වන අයුරින් මහාමාර්ගවල නලා නාද කරන රියෑදුරන්ට එරෙහිව අද (02 වැනිදා) සිට නීතිය ක්‍රියාත්මක කෙරෙන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.
ඒ අනුව අධික හඬක් පිටකරන රථවාහන රියෑදුරන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති රෙගුලාසි සකස් කර ඇති බවත් එය අද සිට ක්‍රියාත්මක බවත් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා ඊයේ (01 වැනිදා) "දිවයින" ට සඳහන් කළේය. කෙසේ වෙතත් රියෑදුරන් වෙත සතියක දැනුවත් වීමේ කාලයක් ලබාදීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කර ඇති අතර එම කාලයෙන් අනතුරුව නීතියට එරෙහිව කටයුතු කරන රියෑදුරන්හට නීති මගින් කටයුතු කෙරෙන බවත් සාරංග අලහප්පෙරුම මහතා පැවසීය. අදාළ නීතිය කඩකරන රියෑදුරන්හට රුපියල් 3000 ට නොඅඩු සහ රුපියල් 5000 ට නොවැඩි දඩයකට සහ අදාළ භාණ්‌ඩය රාජසන්තක කළ හැකි බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
නව නීති අනුව වාහනයක් නිශ්චලව ඇතිවිට සහ එන්ජිම ක්‍රියාත්මක කරවා ඇති විට වාහනයේ ඉදිරිපස සිට විවෘත අවකාශය මීටර් 2 ක් දුර ඩෙසිබල් 105 කට නොවැඩි මීටර් හතක් දුර ඩෙසිබල් 93 කට නොවැඩි ශබ්දයකින් නලාව නාද කළ නොහැකි බවත් හෙතෙම සඳහන් කළේය.
සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2013/10/02/news35.html

0 comments:
Post a Comment