Pages

Wednesday, October 2, 2013

ඇමරිකානු රජය ආර්ථික අවදානමක

සෞඛ්‍ය ප්‍රතිසංස්‌කරණවලට අදාළ වැය ශීර්ෂයන් සඳහා අනුමැතිය දීමට කොංග්‍රස්‌ මණ්‌ඩලය ක්‍රියා නොකිරීම නිසා ඇමරිකානු රජය දැඩි ආර්ථික අවදානමකට ලක්‌වී ඇත. ඊයේ (1 දා) සිට රජයේ මෙහෙයුම් කටයුතු බිඳවැටී තිබේ.

2014 පෙඩරල් අයවැයට මෙම වැය ශීර්ෂය සම්බන්ධ කිරීම රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.

මෙය ඇමරිකාවේ ආර්ථිකයට බරපතළ ලෙස බලපා ඇතැයි ඇමරිකානු මාධ්‍ය කියා සිටී.

මෙලෙස රජයේ මෙහෙයුම් කටයුතු බිඳවැටීමෙන් වොෂින්ටන් නගරය තුළ පමණක්‌ දිනකට ඩොලර් මිලියන 200 ක පාඩුවක්‌ සිදු වේ. එසේම 700,000 කට අධික සංඛ්‍යාවකගේ රැකියාවලට ද බලපායි. එහෙත් ජනාධිපති බැරක්‌ ඔබාමා පවසන්නේ ආරක්‍ෂක හමුදාවල වැටුප් නියමිත පරිදි ගෙවන බවයි. මේ අතර වැටුප් නොලැබීම නිසා මිලියන 2.1 ක සේවකයන් වැඩ නතර කරනු ඇතැයි වාර්තා වී ඇත.

නිව්යෝක්‌ නුවර කොටස්‌ වෙළෙඳපොළේ අගය ද පහත වැටෙන තත්ත්වයකට පත්වී තිබේ. ඔබාමා කෙයාර් නමින් මෙම සෞඛ්‍ය ප්‍රතිසංස්‌කරණ වැය ශීර්ෂය ගැන රිපබ්ලිකන් හා ඩිමොක්‍රටිස්‌ මන්ත්‍රීවරුන් කඹ ඇදිල්ලක නිරත වී ඇතැයි ඇමරිකානු මාධ්‍ය තවදුරටත් කියා සිටී.

ඇමරිකානු රජයේ මෙහෙයුම් කටයුතු බිඳවැටීමෙන් සත්වෝද්‍යාන කෞතුකාගාර වසා දමා ඇති අතර ගමන් බලපත්‍ර 200,000 ක්‌ නිකුත් කිරීමේ කටයුතු ද ඇනහිට ඇත.

මෙලෙස මෙහෙයුම් කටයුතු බිඳවැටුණේ වසර 17 කට පසුවයි.

http://www.divaina.com/2013/10/02/news21.html

0 comments: