Pages

Friday, October 11, 2013

උතුරු මැද වකුගඩු රෝගයට ප්‍රධානම හේතුකාරකයා කැඩ්සියම් - නවතම පර්යේෂණ වාර්තාවක්‌ හෙළිකරයි

උතුරුමැද පළාතේ වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව නම් කැඩ්මියම් නමැති බැර ලෝහය බව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් රජරට ප්‍රදේශයේ සිදු කළ පර්යේෂණයන්ට අනුව නිකුත් කළ නවතම වාර්තාවේ අඩංගු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ගොවීන් භාවිතා කරනු ලබන පොහොරවලට මෙම බැර ලෝහය මිශ්‍ර කර ඇත. එය පසට එකතුවීමෙන් ආහාර දාමය හා ජලය මගින් ශරීරගත වීමෙන් වකුගඩු රෝගය ඇති වන බව මෙම පරීක්‍ෂණය මගින් හෙළිදරව් කරගෙන ඇත.

මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව අන්තර් ජාතික සඟරාවක්‌ මගින් ප්‍රසිද්ධියට පත්කර ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

හඳුනා නොගත් දැනට රජරට ප්‍රදේශය පුරාම පාහේ පැතිර යමින් පවතින වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව මෙම කැඩ්මියම් නමැති බැර ලෝහය බව මහාචාර්ය එස්‌. බණ්‌ඩාර මහතා මීට වසර ගණනාවකට පෙර කරන ලද පර්යේෂණයකින් පවා හෙළිකර තිබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස්‌ නිලධාරියෙක්‌ වැඩිදුරටත් පැවසීය.

ජයන්තිපුර - උඩගෙදර
http://www.divaina.com/2013/10/11/provin02.html

සබැඳි ලිපි -
[
ගොවිතැන සහ වකුගඩු රෝගය - 'වකුගඩු මාවත'http://denethharinna.blogspot.com/2013/09/blog-post_8541.html
වකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් සහ ආසනික්‌ - ලෝක සෞඛ්‍ය සංවිධානයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_28.htmlඅතීතයේ රජරට ජනශූන්‍ය කළ මහ ලෙඩේ වකුගඩු රෝගය ද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_7144.html
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසන් වාර්තාව අනුව රජරට වකුගඩු රෝගීන්ගේ මුත්‍රාවල ආසනික්‌ ප්‍රමාණය ග්‍රෑම් 1කට මයික්‍රෝ ග්‍රෑම් 92.44 තෙක්‌ වැඩියි - චන්න ජයසුමන
http://denethharinna.blogspot.com/2013/08/1-9244.html

]

0 comments: