Pages

Friday, October 11, 2013

වී විකුණාගත නොහැකිව ණය ගෙවා ගන්න බෑ. පුලතිසි පුර ගොවීන් අමාරුවේ. කුඹුරු උකස්‌ කිරීම් හා බදුදීම ඉහළට...

මේ වන විට පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ගොවීන් මුහුණපා ඇති විවිධ ගැටලු හමුවේ ඉදිරි මාස්‌ කන්නයට පෙර දැනටමත් සියයට පහළවකින් (15%) පමණ වී වගා කළ කුඹුරු උකස්‌ කිරීම හා බදුදීම ඉහළ අගයක්‌ ගෙන ඇති බව මින්නේරිය ව්‍යාපාර ගොවි සංවිධාන සභාපති විෙ-සූරිය පෙරේරා මහතා පැවසීය.

මෙවර යල් කන්නයේදී පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ වී මලට ගැනීමේ වැඩසටහන අසාර්ථකවීම හේතුවෙන් ගොවියාට ණය ගෙවා ගැනීමට පවා නොහැකිවී ඇත. එබැවින් තම කුඹුරු මෙසේ බදුදීම හෝ උගසට තැබීම ඉහළ ගොස්‌ ඇතැයි පෙරේරා මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. දැනට පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කය පුරා සෑම ප්‍රදේශයකම පාහේ වී බුසල් දෙකක වපසරියක්‌ වන අක්‌කර එකක්‌ රුපියල් එක්‌ ලක්‍ෂ පනස්‌ දහසත් ලක්‍ෂ දෙකක්‌ අතර මිල ගණන්වලට උකස්‌ කරන බවද කියා සිටියි.

ඊට අමතරව බදු ක්‍රමය යටතේ වී පොරොන්දුවට හෝ කන්න කිහිපයකින් ගොවා අවසන් කිරීමට රුපියල් පනස්‌ දහසේ සිට ඉහළ මිළ ගණන්වලට මෙම කුඹුරු බදු දීමට පටන් ගෙන තිබෙන බවත් පවතින මේ තත්ත්වය වහාම පාලනය කිරීමට රජය කඩිනමින් පියවර ගත යුතුව ඇතැයිද ගොවි සංවිධාන සභාපති විෙ-සූරිය පෙරේරා මහතා සඳහන් කරයි.

ජයන්තිපුර - උඩගෙදර 
http://www.divaina.com/2013/10/11/provin04.html

0 comments: