Pages

Saturday, October 12, 2013

සාම්පූර් බලාගාරයේ විෂ ද්‍රව්‍ය ඊසාන දිග මෝසමෙන් රට තුළට

ඉන්දියාව හා එක්ව ඉදිකිරීමට සැලසුම් කර තිබෙන ත‍්‍රිකුණාමලය සාම්පූර් බලාගාරය ඊසාන දිග මෝසම් සුළං හමන කලාපයේ පිහිටා තිබීම නිසා බලාගාරය තුළින් නිකුත්වන සියලූම විෂද්‍රව්‍ය රට තුළට ගලාගෙන එනු ඇතැයි සොබා සාමූහිකයේ සභාපති තිලක් කාරියවසම් මහතා සඳහන් කරයි.

මේ නිසා නකල්ස්, හෝර්ටර්තැන්න, මරගල කන්ද යන කඳුවැටිත්, සොරබොර වැව, කන්තලේ වැව, මාදුරු ඔය ජලාශය සහ මහවැලි ඡුලාශවලින් බහුතර ඡුලාශ ප‍්‍රමාණයක් දැඩි අනතුරකට ලක්වන බවත් පෙන්වා දෙන ඔහු මේ ආකාරයට පාරිසරික වැදගත්කමක් ඇති පරිසර පද්ධති අනතුරට ලක්වීම ශ‍්‍රී ලංකාවේ දේශගුණික තත්ත්වයන්ද ජනතාවට අහිතකර ආකාරයට වෙනස්වන බවද පවසයි.


මීට අමතරව ජල මූලාශ‍්‍ර විනාශ වී යාම සහ ජලයට විෂ ද්‍රව්‍ය එකතුවීම නිසා ජනතාවට සහ වන සතුන්ට පිරිසුදු පානීය ජල අවශ්‍යතා සපුරාගැනීමේ අයිතිවාසිකමද අහිමි වී යන බව හෙතෙම සඳහන් කළේය.


http://lankacnews.com/sinhala/news/102590/

0 comments: