Pages

Saturday, October 12, 2013

වැඩි කුට්ටියට ඉඩ. සංහිඳියාවය තිත! මුස්ලිම් කොංග‍්‍රසය බස්නාහිරදීත් තනිව...

එක්සත් ඡනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වී එළැඹෙන බස්නාහිර පළාත් සභා මැතිවරණය සඳහා තනිව තරග කිරීමට ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය තීරණය කර තිබේ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානයත වන අවස්ථාවේ දී තම පක්ෂය වෙත ලබා දුන් පොරොන්දු හා එකඟතාවන් මේ වන තෙක් නිසි අයුරින් ඉටු නොවීම නිසා තනිව තරග කිරීමට තීරණය කළ බව මුස්ලිම් කොංග‍්‍රසයේ පක්ෂ මහ ලේකම් හසන් අලි මහතා ප‍්‍රකාශ කළේය.

බස්නාහිර පළාත් සභාව විසුරුවා හැරීමෙන් අනතුරුව තම පක්ෂය බස්නාහිර පළාත් මහ ඇමති අපේක්ෂකයා ලෙස මහඡන නියෝජිතයකු නම් කරන බව ද හසන් අලි මහතා පැවැසීය.

මුස්ලිම් කොංග‍්‍රසය නියෝඡනය කරමින් බස්නාහිර පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිත නියෝජිතයන් අතරින් මහ ඇමති අපේක්ෂකයා නම් කිරීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇති බව ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.


http://lankacnews.com/sinhala/news/102614/

0 comments: