Pages

Saturday, October 12, 2013

සෑම විදුලි පාරිභෝගිකයෙකුටම රු.1525ක් සාම්පූර් නිසා ගෙවන්න වෙනවා - ජවිපෙ

ඉන්දියානු සමාගමක් සමග එක්වී ඇමෙරිකානු ඩොලර් මිලියන 435ක ණය මුදලක් ලබාගෙන ඉදිකිරිමට යන සාම්පුර් බලාගාරය නිසා ශ‍්‍රී ලංකාවට වාර්ෂිකව කෝටි 763ක පාඩුවක් සිදුවන බවත්, මේ නිසා සෑම විදුලි පාරිභෝගිකයෙකටම වාර්ෂිකව රුපියල් 1525කට අධික මුදලක් ආණ්ඩුවට ගෙවීමට සිදුවන බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මෙම තාප විදුලි බලාගාරය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 512ක මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තු කර තිබෙන බවත්, එම මුදලින් ඉන්දියානු සමාගම ලබාදෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 77ක මුදලක් බවද එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

එහෙත් ඔවුන් ආසන්න වශයෙන් වාර්ෂිකව රුපියල් කෝටි 750කට අධික ලාභයක් උපයා ගැනීමට සැලසුම් කර තිබෙන බවද හෙතෙම සඳහන් කරයි.

මේ අනුව ශ‍්‍රී ලංකාවෙන් යොදවන ඇමෙරිකානු ඩොලර් මිලියන 435ක මුදල ණය වශයෙන් ලබාගෙන ශ‍්‍රී ලාංකික ජනතාවට අයත් ඉඩම් අක්කර 500ක් යොදාගෙන සිදුකරන මෙම ව්‍යාපෘතිය මගින් ඉන්දියානු සමාගම ලබන ලාභයට සාපේක්ෂව ශ‍්‍රී ලංකාවට පාඩුවක් සිදුවන බවද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා කියා සිටී.


http://lankacnews.com/sinhala/news/102610/


සබැඳි ලිපි -
[
සාම්පූර් බලාගාරයේ විෂ ද්‍රව්‍ය ඊසාන දිග මෝසමෙන් රට තුළට
http://denethharinna.blogspot.com/2013/10/blog-post_7342.html

]

0 comments: