Pages

Monday, October 7, 2013

අල්-ෂබාබ් නායකයා සොයා ඇමරිකානු හමුදා සෝමාලියාවේ සහ ලිබියාවේ මෙහෙයුම් | රට තුළට පැමිණ පුරවැසියෙකු පැහැර ගෙන - ලිබියාව

ඇමරිකානු සීල් බලකා සාමාජිකයන් අල් කයිඩා සංවිධානයට සම්බන්ධ අල් ෂබාබ් සංවිධානයේ නායකයා සොයා සෝමාලියාව තුළ මෙහෙයුමක් සිදුකර ඇතැයි වාර්තා වේ.

අසල්වැසි කෙන්යාවේ සාප්පු සංකීර්ණයකට ප‍්‍රහාරයක් එල්ල කළ එම කණ්ඩායමේ නායකයාගේ නිවස මෙහෙයුමට ඉලක්ක වී ඇති අතර ප‍්‍රධාන පෙළේ නායකයකු අත්අඩංගුවට ගැනීම එහි අරමුණ වූ බව පැවසේ. කෙසේවෙතත් එය සාර්ථක කරගැනීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ.

නම් සඳහන් නොකළ ඇමරිකානු ආරක්ෂක නිලධාරියෙකු හෙළි කර ඇත්තේ අල් ෂබාබ් සාමාජිකයන් කිහිපදෙනෙක් මියගිය බවයි.

මේ අතර 1998දී කෙන්යාවේ සහ ටැන්සානියාවේ ඇමරිකානු තානාපති කාර්යාල වලට ප‍්‍රහාර එල්ල කළ අල් කයිඩා නායකයකු ලිබියාව තුළදී ඇමරිකානු භට පිරිස් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  නසියා අබ්දුල් හමාඞ් අල් රුකායි නම් ඔහු ඉලක්ක කර සිදුකළ මෙහෙයුමට පෙර ලිබියානු රජය දැනුවත් කර නොමැති බව පැවසේ.

ලිබියානු රජය විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ සැකකරු ලිබියාව තුළදී නීතිය හමුවට ගෙනඒමට බාධාවක් නොතිබූ බවයි.  සිදුකර ඇත්තේ ලිබියාව තුළට පැමිණ එහි පුරවැසියෙකු පැහැර ගෙන යාමක් වැන්නක් බව එම නිවේදනයේ වැඩිදුටත් දැක්වේ.

අල් රුකායි මේ වන විට ලිබියාවෙන් පිටත ආරක්ෂිත ස්ථානයක ඇමරිකානු හමුදාවන් විසින් රඳවා තබා ඇති අතර ඉදිරියේදී ඔහු නීතිය හමුවට ඉදිරිපත් කිරීම සඳහා ඇමරිකාවට ගෙනඒමට සැලැස්මක් ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග පවසයි.

http://lankacnews.com/sinhala/foreign-news/102307/

සබැඳි ලිපි -
[
තවත් මුසලු ත්‍රස්තයෙක් දැලේ - ඇමරිකානු විශේෂ බළකාය අල්ඛයිඩා නායකයකු ලිබියාවේදී අත්අඩංගුවට ගනීhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_5090.html
]

1 comments:

jay said...

do you have two tungs,in erliar post you said america kidnapped a terrarist in libiya now same news you are giving in diffrrent angle.have a backbone they are terrerist and real terrarist they donot care about non muslims.