Pages

Friday, October 11, 2013

සචින් ටෙස්ට් පිටියට සමු දෙයි

sachin1ඉන්දියාව දේවත්වයෙන් පිදුම් ලැබූ හිටපු ක්‍රිකට් නායක සචින් තෙන්ඩුල්කාර් සිය ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමට තීරණය කිරීමත් සමඟ ඉන්දීය මාධ්‍ය වාර්තා කරමින් කියා සිටියේ එය ඉන්දියාවට ශ්‍රේෂ්ඨ දේවල් ලබා දුන් දෙවියන්ගේ සමු ගැනීමක් ලෙසටය. ඔවුන් එලෙස පවසන්නේ හතලිස් වියැති තෙන්ඩුල්කාර් වසර 19ක සිය ක්‍රිකට් දිවි‍ය තුළදී ඉන්දියාවට හා ජගත් ක්‍රිකට් ක්‍රීඩාවට කරන ලද අනුපමේය සේවය සිහියට නංවමිනි. තෙන්ඩුල්කාර් මුලු මහත් භාරතයම වැළඳ ගත්තේ තවත් එක් සාමාන්‍ය ක්‍රීඩකයෙකු ලෙස නොව, විශ්වකර්ම වැඩ කළ හැකි, විශේෂයෙන් ක්‍රීඩා පිටිය තුළ අසාමාන්‍ය දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයෙකු ලෙසිනි. ඔහු සමුගන්නා විට ටෙස්ට් තරඟ199ට සහභාගී වී ටෙස්ට් ලකුණු 15837ක් රැස්කර ගෙන තිබූ අතර එක් දින ජාත්‍යන්තර තරග 463කදී එක්දින ළකුණු 18426ක් වාර්තා කර තිබේ.

1973 අප්‍රේල් 24 වැනිදා උපන් සචින්, ලොව පහළ වූ සෑම රටකම ක්‍රීඩකයන් අතරින් ටෙස්ට් සහ එක් දින තරගවල වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයාය. වයස අවුරුදු 16දී, 1989 නොවැම්බර් 15 – 20 දක්වා පාකිස්ථානයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී, ටෙස්ට් වරම් ලැබූ සචින් 2000 වසරේදී ජාත්‍යන්තර ටෙස්ට් ශතක 50 ලැබූ එකම පිතිකරුවා ලෙසින් වාර්තා පොතට එක්වුණි.

ඉන්දීය මාධ්‍ය සහ ජගත් ක්‍රීඩා විචාරකයින් වැඩිදුරටත් පවසා ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවට බිහිවූ උත්තුංග ගණයේ ක්‍රීඩකයෙකුගේ සමු ගැනීම ජගත් ක්‍රිකට් ක්‍රීඩාවට සහ ඔහුට ආදරය කරන ලොව පුරා කෝටි සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන්ට කණගාටුදායක පුවතක් බවයි. මෙවැනි ක්‍රීඩකයෙකු මතු අනාගතයේදී බිහිවේදැයි ඔවුහූ සැක පහළ කරති.

http://lakbima.lk/index.php?option=com_content&view=article&id=19218:2013-10-11-03-35-46&catid=34:news&Itemid=62

0 comments: