Pages

Tuesday, October 8, 2013

ජනපති ඉදිරියේ දිව්රුම - මෙය ස්වං තීරණය සඳහා වන දුර ගමනක ඇරඹුමක් – විග්නේෂ්වරන්

තමන් අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ දකුණෙ ජනතාවගේ සැක දුරු කිරීමට යයි උතුරු පළාත් නව මහ ඇමති සීවී විග්නේෂ්වරන් මහතා පවසයි.

උදයන් පුවත්පත හා අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කරන්නේ තම ස්වයං තීරණ අයිතිය දිනා ගැනීම සඳහා දුර දැක්මකින් කටයුතු කල යුතු බවයි.

සිංහල ජනයා වෙනම ජන වර්ගයත් සහ වෙනම ශිෂ්ඨාචාරයක් ඇති බව පිළිගන්නවා සේම දෙමළ ජනයාටද එම අයිතීන් ඇති බව පවසන ඔහු එක්සත් ශ‍්‍රී ලංකාවක් තුල තම අයිතීන් දි ගැනීම අරමුණ යයිද කියා සිටී.

‘මට භාර වූ කාර්යභාරය මගේ ජනතාවගෙන් මට ලැබුණු තෑග්ගක්. කෙටි කාලීන මෙන්ම දිගු කාලීන දර්ශනයක් වෙනුවෙන් මගේ වගකීම් ඉටු කිරීමට ඔවුන් මට බලය ලබාදී තිබෙනවා.

අපට අවශ්‍ය වන්නේ යටගිය අපේ ස්වෛරීත්වය තහවුරු කිරීමයි. එසේ කිරීමට අතීතයේ අප මුහුණ දුන් දුෂ්කරතාවන්ගෙන්, අපේ දේශපාලන දර්ශනයන්ගෙන් සහ අත්දැකීම් තුළින් ඉදිරියට යා යුතුය.

මේ මොහොතේ අවශ්‍ය වන්නේ විවිධ ජනවර්ගයන්ගේ හදවත් තුළ වූ වැරදි වැටහීම හා සැකසංකා දුරලීමයි. එවැනි වැඩපිළිවෙලක මූලික අදියරක් ලෙස රටේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට අප තීරණය කළා.

ඒ අනුව,අපේ තීරණය එක්සත් ශී‍්‍ර ලංකාවක් තුළ භේද දුරලමින් ජීවත්වීමේ අපේ කැමැත්ත අපේ සහෝදර ජනතාවට පිළිබිඹු වන්නක් වනු ඇතැයි කියා අප විශ්වාස කරනවා’ යනුවෙන්ද නව මහඇමතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

http://lankacnews.com/sinhala/news/102367/

0 comments: