Pages

Wednesday, October 9, 2013

යාපනයේදී පොලිස්‌ රියකට ගල් මුල් ප්‍රහාරයක්‌

පසුගිය 6 දා යාපනයේදී පොලිස්‌ රථයකට ප්‍රහාරයක්‌ එල්ල වී තිබේ. පිරිසක්‌ විසින් පොලිස්‌ කැබ් රියකට ගල් මුල්වලින් පහර දී ඇතත් මේ හේතුවෙන් පොලිසියේ කිසිවකුටත් තුවාල සිදු වී නොමැත. පොලිස්‌ රථයට අලාභ හානි සිදුව තිබේ. මේ සම්බන්ධයෙන් මෙතෙක්‌ කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැත.

යාපනයේ ස්‌ථානයකදී තරුණයන් පිරිසක්‌ කැරම් ක්‍රීඩාකොට ඇති අතර එහිදී තරුණයන් දෙපිරිසක්‌ අතර ගැටුමක්‌ හටගෙන තිබේ. පොලිසියට ලැබුණු තොරතුරක්‌ මත මේ පිළිබඳව සොයා බැලීමට පොලිස්‌ කණ්‌ඩායමක්‌ ගිය මොහොතේ මෙලෙස පොලිස්‌ රථයට එහි සිටි පිරිසක්‌ විසින් මෙම ප්‍රහාරය එල්ල කොට ඇත.

යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්‌ෂණ පවත්වයි.

මුලතිව් - ප්‍රසන්න ප්‍රදීප් 
http://www.divaina.com/2013/10/09/news12.html

0 comments: