Pages

Saturday, October 5, 2013

රට හදන්න පාර්ලිමේන්තු එන මන්ත‍්‍රීවරුන් තැබෑරුම් පවත්වාගෙන යනවා - මාදුළුවාවේ සෝභිත හිමි

රට හදන්න කියා පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත‍්‍රීවරුන්ම සුරාසැල් තැබෑරුම්හල් පවත්වාගෙන යනවානම්,ඔවුන්ම රටේ විනාශයට දායක වෙනවා නම් රට සුරැකීමේ වගකීම කාහට පැවරෙන්නේ දැයි සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ ප‍්‍රකාශ කළහ.

උන්වහන්සේ මේ බව ප‍්‍රකාශ කරන ලද්දේ අමද්‍යප දිනයට සමගාමීව බෞද්ධ මහා සම්මේලනයේදී පැවති සත්‍ය කි‍්‍රයාවට එක් වෙමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ සෝභිත හිමියන් ප‍්‍රකාශ කරන ලද්දේ ‘මතට තිත’නමින් වැඩසටහනක් රජය ආරම්භ කර තිබුණද, මේ වන විට එය අක‍්‍රීයව ඇති බවයි. එමෙන්ම දළදා මාළිගාව ආශ‍්‍රිතව මත්පැන් හල්, තැබෑරුම් නවයක් කි‍්‍රයාත්මක බැවින්,ඒවා ඉවත් කිරීමට කිසිවකු කටයුතු නොකරන බවද සදහන් කළහ.

දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වසරකට 20,000ක් පමණ ජීවිතක්ෂයට පත් වන අතර,එය ත‍්‍රස්තවාදය වඩා බලවත් වී ඇති බවද,මෙම සියලූ කරුණු ඇතුළත් සංදේශයක් ජනාධිපතිවරයා වෙත භාර දීමට කටයුතු කරන බවද උන්වහන්සේ මෙහිදී ප‍්‍රකාශ කළහ.

එමෙන්ම ලෝකයේ අනෙකුත් රටවල සිගරට් පැකට්ටුව තුළ රූපමය අවවාද ඇතුළත් කර ඇති අතර,ශ‍්‍රී ලංකාව තුළ එය කි‍්‍රයාත්මක කිරීමට ඉඩ නොදෙන බවද, විදෙස් රටක සිගරට් පැකට්ටුවක් පෙන්වමින් සෝභිත හිමියන් ප‍්‍රකාශ කළහ.

http://lankacnews.com/sinhala/news/102197/

සබැඳි ලිපි -
[දළදා මාලිගාව අවට ඇති සුරාසල් ඉවත් කර මතට තිත වැඩසටහන යථාර්ථයක්‌ කරන්න - අමද්‍යප තරුණ සංවිධානයේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_407.html
]

0 comments: