Pages

Sunday, October 6, 2013

උතුරට ඉඩම් - පොලිස්‌ බලතල දෙන්න එපා - මඩකලපුව ශ්‍රී. ල.නි.ප. සංවිධායක

උතුරු පළාත් සභාවට 13 වැනි සංශෝධනය ප්‍රකාර ඉඩම් හා පොලිස්‌ බලතල කිසිසේත් නොදෙන ලෙසත් එම බලතල දුන්නොත් මහත් විනාශයක්‌ සිදුවන බවත් මඩකලපුව ශ්‍රී. ල.නි.ප. සංවිධායක අරුන් තම්බිමුත්තු මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා ඇත.

උතුරට ඉඩම් හා පොලිස්‌ බලතල දීම වඳුරාට දැලි පිහිය දුන්නාට සමානයි. නැගෙනහිර ද්‍රවිඩ ජනතාව උතුරට බලතල දීම ගැන කිසිසේත් සහාය දක්‌වන්නේ නැහැ යෑයි හෙතෙම කීවේය.

මහ ඇමැති විග්නේශ්වරන් වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිස්‌ දෙපාර්තමේන්තුව කැබැලි කළ යුතු නැතැයි ඒ මහතා පැවසීය.

උතුර නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමැතිව සිටි වර්ධරාජා පෙරුමාල් පුරවැසි බළකාය පිහිටුවා සිදු වූ විනාශය තේරුම් ගත යුතු බවද තම්බිමුත්තු මහතා රජයට දන්වා සිටී.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/10/05/news16.html

0 comments: