Pages

Saturday, October 12, 2013

ව්‍යාජ බලපත් හදා සීගිරියේ වටිනා දැව වැනසීමේ ජාවාරමක්‌

ව්‍යාජ ලෙස බලපත් සකස්‌ කර දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් සීගිරිය, වෑවල, හුඹස්‌ගමුව මයිලත්තෑව, පොල්ලත්තෑව, අලකොළවැව, සීගිරිමුල්ල යන ප්‍රදේශවලින් පලු, වීර, බුරුත, කුඹුක්‌ යන ඉතා වටිනා දැව වර්ග කපා රැගෙන යැමේ දැවැන්ත ජාවාරමක්‌ සම්බන්ධයෙන් මාතලේ දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය විමර්ශනයක්‌ ආරම්භ කර ඇත.

මෙම ප්‍රදේශවල ජනතාවට ඉඩම් සඳහා ලබාදී ඇති දීමනා පත්‍ර උපයෝගී කරගෙන මෙම දැව ජාවාරම සිදු කරගෙන යන බවට මූලික තොරතුරු අනාවරණය වී තිබේ. ප්‍රබල දේශපාලනඥයකුගේ සහාය ලබන දඹුල්ල ආර්ථික මධ්‍යස්‌ථානයේ ව්‍යාපාරිකයන් දෙදෙනකු මෙම දැව ජාවාරමේ නියමුවන් ලෙස කටයුතු කරන බවට විමර්ශන කණ්‌ඩායම විසින් තහවුරු කරගෙන ඇත.


ඉකුත් මධ්‍යම පළාත් සභා මැතිවරණය පැවැති දින (21 වැනිදා) වෑවල, අලකොලවැව ප්‍රදේශයේ වසර 500 කට වඩා පැරණි දැවැන්ත පලුගසක්‌ කපා බිම හෙළා යන්ත්‍රානුසාරයෙන් ඉරා දමා ඇති බවත් එම දැව තොගය ප්‍රවාහනයට අවශ්‍ය බලපත්‍ර මේ දිනවල සකස්‌ කරමින් පවතින බවටත් විමර්ශන කණ්‌ඩායම් අනාවරණය කරගෙන ඇත.

ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇති බව මාතලේ දිස්‌ත්‍රික්‌ ලේකම් හෙලන් මීගස්‌මුල්ල මහත්මිය සඳහන් කළාය.

සීගිරිය විශේෂ
http://www.divaina.com/2013/10/12/news14.html

0 comments: