
එම තරගය සඳහා ලංකාවේ විවිධ පළාත් වලින් පාසැල් සිසුන් හා සිසුවියන් 55 දෙනෙකු ඉදිරිපත් වුණි. එහිදී මීටර් 70 වක ඉලක්‌කයට තම ජල රොකට්‌ටුව නිසි පරිදි යෑවූ කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉනුර දුලන්ත කුලතුංග ශිෂ්‍යයා ප්‍රථම ස්‌ථානය දිනාගන්නා ලදී. දැනට 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඉනුර නාලන්දාවේ තාරකා විද්‍යා සංගමයේද සාමාජිකයෙකි. මෙම ජයග්‍රහණයත් සමඟ මෙම ශිෂ්‍යයා මේ වසර අගදී (දෙසැ. 21) වියට්‌නාමයේ හැනෝයි විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන ජාත්‍යන්තර තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිතය. ඔහුගේ පුහුණුකරු වන ජගත් සූරියආරච්චි හා විෂය භාර ආචාර්ය කේ. එස්. කේ. අමරසිංහ මහතාගේ නිවැරදි උපදෙස් හා මග පෙන්වීම සමග වැඩිදුර පුහුණුවන ඉනුරගේ බලාපොරොත්තුව මෙම තරගයෙන් ප්‍රථම ස්‌ථානය ලබා ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීමටයි.
http://www.divaina.com/2013/10/12/news20.html
0 comments:
Post a Comment